පොලිසිය නැවතත් විරෝධතා මර්දනයට පොලිස් ආඥා පනත ඉස්සරහට ගනියි

“මරා දැමූ මහර රැඳවියන්ට යුක්තිය ඉටු කරනු” යනුවෙන් ඉල්ලා අද (11) කොටුව දුම්රිය පොළ අසළින් ආරම්භ වූ පාගමනකට පොලිසිය බාධා කර තිබේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙම සාමකාමී පාගමන සංවිධානය කර තිබුණි.

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය සිරකරුවන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම නීතිපතිවරයා විසින් පැහැර හැරීමට විරුද්ධව ජනාධිපතිවරයා වෙත ගොස් ලිපියක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වී තිබුණි. නීතිපතිවරයා පවසා තිබුණේ අදාළ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමේ ගැටලුවක් පවතින බවයි.

කෙසේවෙතත්, මෙම පාගමන සඳහා පොලීසිය මැදිහත්වීමත් සමඟ පාගමනට සහභාගීවූවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක්ද හට ගෙන තිබුණි. මෙහිදී පොලිසිය පවසන්නේ පොලිස් ආඥා පනත අනුව පෙළපාලි හා නොහැකි බවයි. එසේම බනර් රැගෙන යා නොහැකි බවද පොලිස් නිලධාරීන් පවසනු දැකිය හැක.

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනතාවගේ පාගමන්, උද්ඝෝෂණවලට බාධා කිරීම සඳහා පොලිසිය පොලිස් ආඥා පනත යොදාගනු දැකිය හැකිවිය. රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවට විරෝධය දැක්වීමට ඇති අයිතිය තහවුරු කර තිබියදී පොලිස් ආඥා පනත යොදාගනිමින් ජනතාවගේ විරෝධය දැක්වීමේ අයිතිය අහුරා දැමීම ගැන විශාල සංවාදයක් මතුවිය. දැන් නැවතත් නව ආණ්ඩුවේ යටතේ ද පොලිසිය එය ක්‍රියාත්මක කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...