මේ දෙදෙනාට ජාත්‍යන්තරයෙන් වංචා දූෂණ චෝදනා

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව තමන්ගේ දූෂණ විරෝධී සහ මානව හිමිකම් රැකීමේ උනන්දුව ප්‍රදර්ශනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගන්නා ක්‍රියාමාර්ග අතර ඔවුන්ගේ නිර්ණායකයන් වලට අනුව ලොව සිටින දූෂිත පුද්ගලයන් නම් කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටීම වැදගත් වෙනවා . මෙසේ දූෂිතයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගයි .

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී සිටින අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළේ කොටස්කරුවෙකු ලෙස චෝදනා ලබා සිටිනවා .

මෙම දූෂිත චෝදනා හේතුවෙන් මොවුන් දෙදෙනාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වීමට සම්බාධක පනවා ඇති බව වාර්තා වෙනවා . එපමණක් ද නොව මේ තහනම ඔවුන්ගේ සමීපත්කමයන්ට ද බලපවත්නා පරිදි නිකුත් කර තිබීම විශේෂත්වයක් වෙනවා. ඇමෙරිකාව ගනු ලැබූ මෙම ක්‍රියා මාර්ගය දූෂණයට එරෙහිව වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙළට පිටුවහලක් සපයන බව අද පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නා .

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...