මේ දෙදෙනාට ජාත්‍යන්තරයෙන් වංචා දූෂණ චෝදනා

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව තමන්ගේ දූෂණ විරෝධී සහ මානව හිමිකම් රැකීමේ උනන්දුව ප්‍රදර්ශනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය ගන්නා ක්‍රියාමාර්ග අතර ඔවුන්ගේ නිර්ණායකයන් වලට අනුව ලොව සිටින දූෂිත පුද්ගලයන් නම් කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටීම වැදගත් වෙනවා . මෙසේ දූෂිතයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගයි .

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී සිටින අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළේ කොටස්කරුවෙකු ලෙස චෝදනා ලබා සිටිනවා .

මෙම දූෂිත චෝදනා හේතුවෙන් මොවුන් දෙදෙනාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වීමට සම්බාධක පනවා ඇති බව වාර්තා වෙනවා . එපමණක් ද නොව මේ තහනම ඔවුන්ගේ සමීපත්කමයන්ට ද බලපවත්නා පරිදි නිකුත් කර තිබීම විශේෂත්වයක් වෙනවා. ඇමෙරිකාව ගනු ලැබූ මෙම ක්‍රියා මාර්ගය දූෂණයට එරෙහිව වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙළට පිටුවහලක් සපයන බව අද පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නා .

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...