කල්පිටිය දූපත් දහයක් බදුගත් සමාගම්වලින් බදු පොල්ලක්

සංචාරක කටයුතු සඳහා කල්පිටියේ දූපත් දහයක් බදුගත් ආයෝජක සමාගම් හතකින් වසර ගණනාවකට අදාළ රුපියල් 92,959,827 ක බදු මුදලක්  අයකර කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සංචාරක කර්මාන්ත කටයුතු සඳහා නිදහස් ප්‍රදානයන් ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට ලැබුණු කල්පිටියේ දූපත් 12 ක් අතරින් දූපත් දහයකට අයත් ඉඩම්   අක්කර 669 ක් 2010, 2011, 2020 සහ 2022 වර්ෂවල අධිකාරිය මගින් සමාගම් හතකට බදුදී ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.

එම සියලුම බදුකරුවන් විසින් මෙතෙක් මෙහෙයුම් කටයුතු ආරම්භ කර නැති බවත් බදුගැනීම වෙනුවෙන් සංචාරක අධිකාරියට  2018 සිට ගෙවිය යුතු බදු මුදල් මෙලෙස ගෙවා නැති බවත් විගණනයෙන් පෙන්වා දෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...