විසඳුම් නැති ප්‍රශ්නද මේවා

ඔක්තෝම්බර් 18 වනදා සිදුවන දුම්රිය අනතුරකින් ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතරදී තෙල් ප්‍රවාහනය කරමින් තිබුණු දුම්රියක ගැටී අලි දෙදෙනෙක් මිය යනවා. තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙනවා .

රියදුරු මහතාගේ ප්‍රකාශයට අනුව ඒ අනතුර කිසිසේත්ම වළක්වා ගැනීමට හැකියාවක් නැහැ. ඊට හේතුව දුම්රිය ඉතාමත් ආසන්නයේදී තමයි අලි රංචුව රේල් පාර හරහා ගමන් කරන්නට පටන් ගන්නේ. විස්සකගෙන් පමණ සමන්විත රංචුවේ හතර දෙනෙක් තමයි දුම්රිය ගැටෙන්නේ. ඒ ගැටීම හේතුවෙන් දුම්රිය පිළිපැන ඉවතට විසි වී තෙල් ටැංකි දෙකක් පෙරළෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වාසියෙක් ප්‍රකාශ කර සිටියේය මේ අනතුර සිදුවූ ප්‍රදේශය අලිමංකඩක් බවයි. මේ ප්‍රදේශයෙන් නිතරම අලි එහාට මෙහාට ගමන් කරන්නේ ඔවුන්ගේ ආහාර සහ ජල පහසුකම් ලබා ගැනීම සඳහායි.

මේ සතුන් මින්නේරිය රක්ෂිතයේ සිට මින්නේරිය වැවට ගමන් කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් දුම්රිය ගමන් කරන විට ඊට අදාළ වේග සීමාවන්ද සටහන් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ සිදුවීමට අදාළව පර්යේෂණයක් ආරම්භ කරන බවයි.

මීට වසර හයකට ඉහතදීත් මේ ඉන්ධන ප්‍රවාහන දුම්රියේම ගැටී මීටත් වඩාත් දරුණු ඛේදවාචකයක් සිදු වුණේ අලි හතර දෙනෙකුට ජීවිත අහිමි කරමින්. එම අනතුරද සිදුවන්නේත් මීට ආසන්න ප්‍රදේශයකමයි.

එදා ඒ සිදුවීම පාඩමකට ගෙන ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නම් අද මේ ඛේදවාචකයා අපට අසන්නට නොලැබෙන්නට තිබුණි. දැන් දෙවන අවස්ථාවටද එවන් ඛේදවාචකයක් සිදුවී තිබෙන අතර ඉදිරියේදී යළි මෙවැන්නක් සිදුවීමට ඇති අවස්ථාව අහුරා දැමීම නිසි බලධාරීන්ගේ වගකීමකි .

ලෝකය මෙවන් ගැටලු වලට විසඳුම් යෝජනා කර ක්‍රියාවටද නගා තිබේ . අපට ඇත්තේ ඒවා අධ්‍යනය කර අපට ගැලපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ගැනීම පමණයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...