ගිනි අවි සාහිත්‍ය

ඊයේ (27) ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ යුධ අවි ප්‍රදර්ශනයට තබා තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වෙමින් තිබේ.

මෙම පොත් ප්‍රදර්ශන භූමියෙ පිවිසුම් දොරටුව ආසන්නයේ, ශ්‍රී ලංකාවේ “යුධ ජයග්‍රහණය” සමරන ‘මිලිටරි සාහිත්‍යය’ සඳහා වෙන් කර ඇති විශේෂ කලාපයක අවි ආයුධ සහ හමුදා වාහන ප්‍රදර්ශනයට තබා ඇති ආකාරය මෙහිදී බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඇතැමුන් ප්‍රශ්න කර සිටින්නේ මේ ආකාරයට යුද්ධයෙන් මියගිය අයගේ , අබාධිත වූවන්ගේ මෙන්ම අතුරුදහන්වූවන්ගේ තොරතුරුද ප්‍රදර්ශනයට අවසර ලබාදෙන්නේ ද යන්නයි.

උතුරේත් දකුණේත් දහස් ගණනකගේ ජීවිත අහිමිකළ යුද්ධයක් නැවත නැවත වීරත්වයට නැගීම පිටුපස තිබෙන අශිෂ්ඨත්වය පිළිබඳ ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

එසේම මෙවැනි ප්‍රදර්ශනය කිරීම් හරහා රටේ සුළුජාතික ජනකොටස් බැහැර කිරීමේ මානසිකත්වය මනාව පිළිඹිබු වන බවද බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...