රනිල්ට 80 දශකයේ දාපු සෙල්ලම් දැන් දාන්න දෙන්නේ නැහැ – ධම්මික මුණසිංහ

මෙයට 80 දශකය නොවන බවත් එම රනිල්ලා දශකයේ දැමූ සෙල්ලම් දැන් දැමිය නොහැකි බවත් රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු පැවසුවේ ඉදිරියේදී වඩාත් සංවිධානාත්මක වෘත්තීය අරගලයක් කිරීමට සුදානමක් පවතින බවයි.

”දින දෙකේ වර්ජනය අවස්ථාවේ සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එක මේසයකට එකතු වුණා. රනිල් වික්‍රමසිංහ ගේ දොළ පිදෙනියට වහ වැටිලා සටන් නවත්වන්නේ නැහැ. ආයතන සංග්‍රහයේ මෙහෙම වැටුප් වර්ධකයක් ගැන නැහැ. අපි මුලින්ම කියනවා වැටුප් වර්ධක නමින් එන දොළ පිදේනිය වහාම නවත්වන්න. රනිල් වික්‍රමසිංහට පුළුවන් ඒක සමන් රත්නප්‍රියට දෙන්න.

වැටුප් වැඩි කරගැනීම, රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු පිරවීම, රාජ්‍ය ආයතන විකිණීම නැවත්වීම, බදු බර – බඩු මිල අඩුකරන්න කියන සටන් පාඨත් එක්ක තමයි ඊළඟ ක්‍රියාමාර්ගය යෝජනා වෙන්නේ. ආණ්ඩුවට අපි කියනවා මේ හැදුනු බලවේගයකට එහා ගිය බලවේගයකට ඉදිරියේදී මුහුණ දෙන්න සූදානම් වෙන්න කියලා.

රනිල් වික්‍රමසිංහටයි ගෝලයින්ටයි කියනවා මේ 80 දශකය නෙමෙයි. මේ 2024. අලුත් යුගයක්. 80 දශකයේ දාපු සෙල්ලම් දාන්න දැන් එන්න එපා. සමස්ත රාජ්‍ය සේවය , අර්ධ රාජ්‍ය සේවය අපි එකතු වෙලා ඉන්නේ. අනිවාර්යයෙන් ඉදිරි සතියේ දැවැන්ත ක්‍රියාමාර්ගයක් එනවා. ඒකට සූදානම් වෙන්න. මැතිවරණයක් කැඳවන්නේ නැත්තම් මේ සටන් පාඨ පුළුල් වෙලා රනිල් වික්‍රමසිංහ එළවන තැනකටම මේ සටන අනිවාර්යයෙන් පෙරළෙනවා. ”

Share post:

Popular

More like this
Related

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...