රනිල්ට 80 දශකයේ දාපු සෙල්ලම් දැන් දාන්න දෙන්නේ නැහැ – ධම්මික මුණසිංහ

මෙයට 80 දශකය නොවන බවත් එම රනිල්ලා දශකයේ දැමූ සෙල්ලම් දැන් දැමිය නොහැකි බවත් රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු පැවසුවේ ඉදිරියේදී වඩාත් සංවිධානාත්මක වෘත්තීය අරගලයක් කිරීමට සුදානමක් පවතින බවයි.

”දින දෙකේ වර්ජනය අවස්ථාවේ සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එක මේසයකට එකතු වුණා. රනිල් වික්‍රමසිංහ ගේ දොළ පිදෙනියට වහ වැටිලා සටන් නවත්වන්නේ නැහැ. ආයතන සංග්‍රහයේ මෙහෙම වැටුප් වර්ධකයක් ගැන නැහැ. අපි මුලින්ම කියනවා වැටුප් වර්ධක නමින් එන දොළ පිදේනිය වහාම නවත්වන්න. රනිල් වික්‍රමසිංහට පුළුවන් ඒක සමන් රත්නප්‍රියට දෙන්න.

වැටුප් වැඩි කරගැනීම, රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු පිරවීම, රාජ්‍ය ආයතන විකිණීම නැවත්වීම, බදු බර – බඩු මිල අඩුකරන්න කියන සටන් පාඨත් එක්ක තමයි ඊළඟ ක්‍රියාමාර්ගය යෝජනා වෙන්නේ. ආණ්ඩුවට අපි කියනවා මේ හැදුනු බලවේගයකට එහා ගිය බලවේගයකට ඉදිරියේදී මුහුණ දෙන්න සූදානම් වෙන්න කියලා.

රනිල් වික්‍රමසිංහටයි ගෝලයින්ටයි කියනවා මේ 80 දශකය නෙමෙයි. මේ 2024. අලුත් යුගයක්. 80 දශකයේ දාපු සෙල්ලම් දාන්න දැන් එන්න එපා. සමස්ත රාජ්‍ය සේවය , අර්ධ රාජ්‍ය සේවය අපි එකතු වෙලා ඉන්නේ. අනිවාර්යයෙන් ඉදිරි සතියේ දැවැන්ත ක්‍රියාමාර්ගයක් එනවා. ඒකට සූදානම් වෙන්න. මැතිවරණයක් කැඳවන්නේ නැත්තම් මේ සටන් පාඨ පුළුල් වෙලා රනිල් වික්‍රමසිංහ එළවන තැනකටම මේ සටන අනිවාර්යයෙන් පෙරළෙනවා. ”

Share post:

Popular

වෙනත් පුවත්

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...