වතු කම්කරු වැටුප් ගැන මනූෂගෙන් තවත් බොරු පොරොන්දුවක්

රජය විසින් තීරණය කරන ලද වතු සේවකයින්ගේ දෛනික වැටුප ලබා නොදෙන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (09) පැවසීය.

රුපියල් 1,000ක් පැවති වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නංවමින් ඉකුත් අප්‍රේල් 30 වනදා රාත්‍රියේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූ අතර ඒ අනුව ඉකුත් 28 වනදා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වතු සේවක වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා සිටියේ,

“අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා තීරණය කළා… වතු කම්කරුවන්ට සුදුසු වැටුප නොගෙවන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ කරන්නේ නැහැ. දැනට ජනාවාස වී ඇති වතු ප්‍රදේශ ගම්මාන ලෙස ගැසට් කරන්න තීන්දු කළා. එලෙස ගැසට් කළ පසු රජයේ ප්‍රතිලාභ සෘජුවම දෙන්න පුළුවන්. වතු සමාගම්වල අවසර ගන්න අවශ්‍ය නැහැ.”

මීට පෙර මනුෂ නානායක්කාර පැවසුවේ මෙම වැටුප නොගෙවන වතු සමාගම් රජයට පවරා ගන්නා බවයි. දැන් තවත් කතාවක් පවසමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...