කෙටි කවිය සහ හයිකු කවිය “ජපන් සාහිත්‍ය අසිරිය” ජූලි 7

ජූලි මස හත් වැනිදාට යෙදෙන ජපාන Tanabata උත්සවය නිමිති කරගෙන “Peotry Rain of the Tanabata : Japan -Sri Lanka Sabuddhi Poetry Day-2024” කවි දිනය 2024 ජූලි මස 07 වැනිදා ඉරු දින පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා මහරගම, ජාතික තරුණ සේවා සභා සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

මෙම කවි දිනයේ දී ජපන් හයිකු කවිය හා ජපන් නූතන කවියෙන් ශ්‍රී ලංකාව ලැබූ කවි අභාසය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙයි.

සම්මානනීය සාහිත්‍යවේදී රංජිත් මල්ලියාවඩු මහතා මුලසුන හොබවන මෙම කවි දින වැඩසටහනේ දී, “ජපානයෙන් ශ්‍රී ලංකා සාහිත්‍යයට” යන මැයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ, සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ මහතා, “ජපන් හයිකු කවි වරුණ” යන මැයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ , භාෂා අධ්‍යයන අංශයේ, භාෂා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය රාධිකා ද සිල්වා මහත්මිය, “කෙටි කවිය සහ හයිකු කවිය” යන මැයෙන් සාහිත්‍යවේදී අතුල ජයදේව මහතා, “ජපන් සාහිත්‍ය අසිරිය” යන මැයෙන් සබුද්ධි සාහිත්‍ය කවයේ ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ මහතා “ශ්‍රී ලංකා හයිකු සංගමය, නිර්මාණ සහ අභියෝග” යන මැයෙන් සබුද්ධි සභාපති තමීර මංජු මහතා දෙසුම් පවත්වති.

ආරාධිතයින් ලෙසට ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා, එම සභාවේ අධ්‍යක්ෂ පරිපාලන මනුල පෙරේරා මහතා, ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න මහතා එක් වෙති.

ජාතික තරුණ සේවා සභාවේ පූර්ණ සංවිධාන ශක්තියෙන් කවි උළෙල ඉදිරිපත් කරනු ලබන්නේ සබුද්ධි සාහිත්‍ය කවය මගිනි.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...