රනිල් නැවතත් ගුරුවරුන්ට තර්ජනය කරයි

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබුණා.

“ සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා.”

ගුරුවරු තම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වී සිටින්නේ තමන්ට ලැබී ඇති වෘත්තීය හිමිකම්වලට අනුකූලවයි. රනිල් වික්‍රමසිංහ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව එතරම් කැක්කුමක් තිබේනම් කළයුතු වන්නේ ගුරුවරුන්ගේ ගැටලුවලට සවන් දීමයි. එසේ නොමැතිව ගුරුවරුන්ට තර්ජනය කිරීම යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්