Breaking News

රනිල් නැවතත් ගුරුවරුන්ට තර්ජනය කරයි

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබුණා.

“ සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්ති කියලා.”

ගුරුවරු තම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වී සිටින්නේ තමන්ට ලැබී ඇති වෘත්තීය හිමිකම්වලට අනුකූලවයි. රනිල් වික්‍රමසිංහ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව එතරම් කැක්කුමක් තිබේනම් කළයුතු වන්නේ ගුරුවරුන්ගේ ගැටලුවලට සවන් දීමයි. එසේ නොමැතිව ගුරුවරුන්ට තර්ජනය කිරීම යනු ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයකි.

leave a reply