Breaking News

සජබෙන් එළියට බැස්ස ෆොන්සේකා රනිල් ළගට යද්දී, කරුණා සහ පිල්ලෙයානුත් ඒ පැත්තට එනවාලු!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

හිටපු යුධ හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එකතු කරගත් බව කියමින්, එයට එරෙහිව සමගි ජන බලවේගයෙන් ඉවත් වූ සරත් ෆොන්සේකා , එම පක්ෂය විවේචනය කරමින් දැඩි අදහස් දැක්වීම් කර තිබුණි. එයට අදාලනව අධිකරණමය ගැටුමක්ද පැවති අතර, සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ කාලය ලබා නොදීමටද සමගි ජන බලවේගය කටයුතු කර තිබුණි. ලක්ෂ්මන් කිරිඇල්ල කියා තිබුණේ, පාර්ලිමේන්තුවේ කාලය ලබා නොදුන්නේ තමන් විසින් බවත්, සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සිටිමින් සමගි ජන බලවේගයටම එරෙහිව නඩු දැමීම එයට හේතු වූ බවත්ය.

මේ අතර හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ. ජුනි 19 වැනිදා පානදුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ කරුණා අම්මාන් මෙම සහයෝගය ලබා දීම ප්‍රකාශයට පත් කර තිබුණි.

මේ අතර කරුණා අම්මාන්ගේ සහය දැක්වීම ප්‍රකාශයට පත්කර (ජුනි 19)දින කිහිපයකට පසු ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ද තම පක්ෂයේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බවට සහතික වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාක්ෂිකයින් අතර හමුවක් පසුගියදා (22) මඩකලපුවේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වුණු අතර එහිදි මේ බව සඳහන් කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනගන අතරම ජනවාර්ගික ප්‍රශ්නයටද ස්ථීර සාර විසඳුමක් ලබා දෙන බවයි. ඒ වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව පැවසු ජනාධිතිවරයා ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයකට ගෙන ඒමේ අභියෝගය තමා භාරගන්නා බවද පවසා තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මෙම ප්‍රදේශවලට නව කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒමට අප කටයුතු කරනවා.

leave a reply