අධිකරණය අවදානමක?

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන නිර්නායක පසෙක දමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් වීම ඉදිරි කාලයේ ඉතා බැරෑරුම් තත්වයක් ඇති කිරීමට හේතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ සුමන්තිරන් පවසයි.

ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති විග්‍රහකරමින් ඔහු පෙන්වා දී තිබෙන්නේ ජනාධිපතිගේ ධුර කාලය වරස 05 සිට 06 දක්වා දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමේ සූදානමක් පවතින අතර එවැනි තත්වයනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දිය හැකි මාර්ගෝපදේශ ඉවත දැමීමේ පෙරහුරුවක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජීය භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරමින් සිටින බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම්.ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළ ආකාරය උපුටාගෙන පහතින් දැක්වේ,

“ඊයේ ජනාධිපති තුමා ඇවිත් කීවා මේ නිගමන අනුගමණය කරන්න අවශ්‍ය නැහැ කියලා. ඔහු ඉදිරියට ගෙනියන්න හදන මේ නව ප්‍රවණතාවය ඉතා බැරෑරුම් දෙයක්. අපි සැක කරන්නේ මෙයට හේතුව විය හැක්කේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී හා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කරගැනීමේ නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට යෝජනා කිරීමේ සූදානමක් තිබීම වෙන්න පුළුවන්. ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවේ 85 (ආ) වගන්තිය 19වෙනි සංශෝධනයෙන් අපට සංශෝධනය කිරීමට නොහැකි වුණේ එය සංශෝධනය කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නිසයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා දරන්නේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසර 05ක ධුර කාලය සම්පූර්ණ වන තෙක් පමණි. ශ්‍රේෂ්ඨාධිකරණ නිගමණයට අනුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා 2/3ක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යයි. නමුත් ජනාධිපතිවරයා මේ සිදු කිරීමට සූදානම් වන්නේ ශ්‍රේෂ්ඨඨාධිකරණයෙන් දැනුම්දුන් නිගමණය අනුමත නොකර 2/3 බලයකින් මෙය සම්මත කර ගැනීමටයි. ඒ සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීමත් සිදුවෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමටත් ඉන් පසුව ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපක් ලබා දෙමින් ඉදිරි යෝජනා සම්මත කර ගැනීමේ පූර්වාදර්ශයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධ කෙටුපත වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව කටයුතු කරනවා. වත්මන් පාර්ලිමේන්තුවේ මේ නව ප්‍රවනාවය ඉතාමත්ම භයානකයි.”

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...