නිදහස් අධ්‍යාපනය ගොඩනගන්න සජිත්ටත් වැඩපිළිවෙලක් නැහැ

අධ්‍යාපනය වෙනුවෙන් විශාල වශයෙන් අරමුදල් අවශ්‍ය බවත් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් අවශ්‍ය වුවත් ඒ සඳහා රාජ්‍ය
ආදායම ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ආදායමට අමතරව සුපුරුදු රාමුවට කොටු නොවී නව ක්‍රමවේද හරහා අධ්‍යාපනය දියුණු කළ යුතු බවට සමගි ජන බලවේගය විශ්වාසය පළ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපනය සම්බන්ධ විවාදයට එක්වෙමින් මේ බව පවසා තිබේ.

සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය නොවන පෞද්ගලික ධානපතින් සම්බන්ධ කර ගෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනා බවත් නිදහස් අධ්‍යාපනයේ ඇති පාසල් 10096ක ඉගෙනුම ලබන 41 ලක්ෂයක දූදරුවන් හා ධානපතියන් සම්බන්ධ කර පාසල් සංවර්ධන අධ්‍යාපන කැපකරු ක්‍රමයක් ඇති කරන බව ද ඔහු පැවසීය.

ප්‍රදේශයේ ධානපතියන් එයට උනන්දු කර දායකත්වය ලබා දෙන අතරතුර එම ධානපතියන්ට රජයෙන් සහනයක් ලබා දිය හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

අධ්‍යාපනයේ සම්පත් බෙදී යාමේ විෂමතාව බරපතල ගැටලුවක් බවත් ඇති හැකි පාසල් නැති බැරි පාසල් ලෙස කොට්ඨාස 2ක් ඇති නිසා මේ ගැටලුවට විසඳුමක් ලබා දිය යුතු යැයි හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා රටේ පාසල් 10096 සුහුරු පාසල විය යුතු බවත් ළඟම පාසල සුහුරු පාසල, අපේ පාසල සුහුරු පාසල බවට පත් කළ යුතු බවට විපක්ෂ නායකවරයා යෝජනා කරයි.

එමෙන්ම ඒ සඳහා පවතින බරපතල මානව හා භෞතික සම්පත් ඌනතාව තුරන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...