මුහමාලේ ප්‍රදේශයෙන් වලදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවෙයි

පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් පිරිසකට පොළවේ වළ දමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුව තිබේ. ඒ ඇටසැකිලි සමඟ නිල ඇඳුමක් ද තිබී හමුවී ඇත.

පලෙයි පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකරන බව වාර්තා වේ.

කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා අදාළ ස්ථානයේ ඉදිරි කැණීම් සඳුදා(29) සිදුකරන ලෙස නියෝග කර ඇත.

මෑතකදී මුලතිවු – කොක්කුතෝඩුවායි ප්‍රදේශයෙන් ද සමූහ මිනිවලක් හමුවූ අතර එහි කටයුතු ප්‍රතිපාදන නොමැති නිසා ඇන හිට තිබේ. එම සමූහ මිනීව‌ළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්ශනවලට අනුව එසේ වළ දමා තිබෙන්නේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙමළ ඊළම් විමුකති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ බැව්, අදාළ මිනීවළේ පරීක්ෂණ කටයුතු භාර වෝහාරික විශේෂඥයෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තාවක් මගින් හෙළිදරවු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...