මුහමාලේ ප්‍රදේශයෙන් වලදමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුවෙයි

පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් පිරිසකට පොළවේ වළ දමා තිබූ මිනිස් ඇටසැකිලි කිහිපයක් හමුව තිබේ. ඒ ඇටසැකිලි සමඟ නිල ඇඳුමක් ද තිබී හමුවී ඇත.

පලෙයි පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදුකරන බව වාර්තා වේ.

කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා අදාළ ස්ථානයේ ඉදිරි කැණීම් සඳුදා(29) සිදුකරන ලෙස නියෝග කර ඇත.

මෑතකදී මුලතිවු – කොක්කුතෝඩුවායි ප්‍රදේශයෙන් ද සමූහ මිනිවලක් හමුවූ අතර එහි කටයුතු ප්‍රතිපාදන නොමැති නිසා ඇන හිට තිබේ. එම සමූහ මිනීව‌ළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්ශනවලට අනුව එසේ වළ දමා තිබෙන්නේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙමළ ඊළම් විමුකති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ බැව්, අදාළ මිනීවළේ පරීක්ෂණ කටයුතු භාර වෝහාරික විශේෂඥයෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කළ අන්තර්කාලීන වාර්තාවක් මගින් හෙළිදරවු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...