Breaking News

රනිල්ගේ රැස්වීමට තරුණ තරුණයින් ගෙන්වන්න යෞවන සමාජවලට බලපෑම්

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අද (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා තරුණයින් සහභාගී කරවා ගැනීමට සෞවන සමාජවලට බලපෑම් කරමින් තිබෙන බව මාධ්ය වාර්තා කරනවා. මේ සඳහා ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්රික් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ විසින් ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජ මහනුවර දිස්ත්රික් ලේකම් ඉසඩ් ඒ. හිරුල්ඩීන් වෙත යොමු කර ඇති ලිපියෙන් අදාළ තොරතුරු අනාවරණය වන බවයි කියන්නේ. ‘Youth Summit 2024’ යන මාතෘකාවෙන් යුතු එම ලිපිය යොමුකර ඇත්තේ පසුගිය 03 වෙනිදා දිනැතිව යි.

දිස්ත්රික් ලේකම්වරයාට අමතරව ජාතික තරුණ සේවා අධ්යක්ෂ ජෙනරාල්/සභාපති සහ පළාත් අධ්යක්ෂ මධ්යම යන දෙදෙනාගේ මෙන්ම ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම්, මහනුවර යෞවන සමාජ දිස්ත්රික් සම්මේලනයේ සභාපති වෙතද ‘කාරුණික දැනගැනීම සඳහා’ මෙම ලිපියේ පිටපත් යොමුකර තිබෙනවා. මීට අමතරව ජ්යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී එච්.ජී. ප්රියංකර විජය කුමාර, ජ්යෙෂ්ඨ තරුණසේවා නිලධාරීනි එම්.එන්.ජේ. පිරීස්, නිස්කෝ සාමාන්යාධිකාරී ඩී.එම්.ඒ. සමරසේකර යන තිදෙනාට අවශ්ය සහයෝගය ලබාදීම සඳහාත් අදාළ ලිපියේ පිටපත් යොමුකර තිබුණා. ඒ සමඟම කොට්ඨාසය නියෝජනය කරන තරුණ තරුණියන් 30 දෙනෙකු කණ්ඩායම් භාර නිලධාරීන් වෙත යොමු කිරීම සඳහා සියළුම තරුණ සේවා නිලධාරීන් සහ නිලධාරිනියන් වෙතත් මෙම ලිපියේ පිටපත් යවා තිබෙනවා.

ලිපියේ සඳහන් වන අන්දමට මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇත්තේ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ ජෙනරාල් විසින්.

අද ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා පැය එකහමාරක් පැවැත්වෙන බව එම ලිපියේ සඳහන් ජනාධිපතිවරයා මෙම වැඩසටහනට තරුණ තරුණියන් 500 දෙනා සහභාගී කරවන මෙන් දැනුම් දී ඇති අතර එම පිරිස ප්රවාහනය සඳහා බස් රථ 8ක් වෙන්කර ඇති බව පැවසෙනවා. ඒ බස් රථ හතරලියද්ද, පාතහේවාහැට, හාරිස්පත්තුව, ගඟවට, කුණ්ඩසාලේ, යටිනුවර, පූජාපිටිය සහ දොළුව යන ප්රාදේශීය ලේකම් බල ප්රදේශ වලින් පිටත් වන බවයි කියන්නේ.

මේ 500ක් දෙනා රැගෙන ඒමට අදාළ බස් රථ භාරව තරුණ සේවා නිලධාරීන් අට දෙනෙකුද පත්කර තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්රික් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ විසින් යොමුකරන ලද මෙම ලිපියේ ‘ගරු ජනාධිපතිතුමන් වෙත අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට සුදුසු තරුණ තරුණියන් හඳුනාගෙන ඒ අයගේ නාම ලේඛණය එදිනට පෙර ඉදිරිපත් කිරීම’ කළ යුතු බව දන්වා තිබෙනවා.

මෙම කටයුතු පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා ‘ගරු අමාත්යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්’ විමසන ලෙස දැනුම් දී ඇති ලිපියේ කිසියම් පුද්ගලයෙකුගේ ජංගම දුරකථන අංකයක්ද සඳහන් කරනවා.

leave a reply