ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ IMF එකට මානුෂීය මුහුණුවරක් දෙන බව විජිත හේරත් පවසයි 

ජාතික ජනපලවේගයේ නියෝජිතයින් සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්  මාර්තු 14  වෙනිදා පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී පැවැත්විණි. මේ සාකච්ඡාව සඳහා IMF ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් ඇතුළු පිරිසක් සහභාගි විය . එම සාකච්ඡාව පැය එකහමාරක් පමණ පැවති අතර එහිදී  ලංකාවේ ණය  ප්‍රතිව්‍යුහ ගතකරණය සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ  ක්‍රියාවලියන් පිළිබඳව අවධානයට ලක් කර තිබේ . මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයන් නතාවට මෙතෙක් ලබා දී නොමැති තාක්ෂණ සහායක වාර්තාව පිළිබඳව ද IMF  නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කල  බව ප්‍රකාශ කරනවා.

මෙම හමුවෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී  ජාතික බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර සිටියේ  තමන්ගේ පාලනයක් යටතේ අයිඑම්එෆ් ගිවිසුම නැවත සමාලෝචනය කර  ජනතාවට අහිතකර කොන්දේසි ඉවත්කර IMF එක සමග ඉදිරියට යන්න ඔවුන් සූදානම් බව IMF එකට දැනුම් දුන් බවයි .

මේ හමුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මුදිත නානායක්කාර සහ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...