Breaking News

රටේ දරුණු ශල්‍ය උපකරණ හිඟයක් – බැටන් පොලු සහ ගෑස් මාස්ක් තොගයක් පොලීසියට

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා රටේ ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව උනන්දු වී ඇති බව ජනතාව තුළ මතයක් ඇතිව තිබේ. එයට හේතුව වී ඇත්තේ ආණ්ඩුව රටට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගැනීමේදී දක්වන ප්‍රමුඛතාවයයි.

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800ක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි සති 02 තුළ මෙරට රෝහල්වල ශල්‍යකර්ම කටයුතු අඩාල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද ගෑස් මුහුණු ආවරණ 750 ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියට අනුව මෙරට රෝහල් තුළ ශල්‍යකර්ම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 5,800ක ප්‍රමාණයක් තිබිය යුතු නමුත් වර්තමානය වනවිට එම උපකරණවලින් 3,800කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.

මෙය ඉතා බරපතළ තත්වයක් බවත් මෙය දිගින් දිගටම පැවතියහොත් ඉදිරි සති කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය දරුණු අර්බුධයකට මුහුණ දිය හැකි බවද වෛද්‍ය චමල් සංජීව තවදුරටත් අවධාරණය කළා.

මේ අතර මෙම මර්දන උපකරණ මිලදී ගෙන කැරලි මර්දන ඒකකයන් සඳහා පවතින අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වේ.

මින් පෙර අවස්ථාවකද පොලිසිය විසින් කැරලි මර්දන උපකරණ රැසක් මෙලෙස මිලදී ගෙන තිබුණා.

කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර යොදාගනිමින් පසුගිය කාලයේදී විවිධ උද්ඝෝෂණවලදී ඇතිවූ කලබලකාරී තත්වයන් මැඩ පැවැත්වීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එසේම අර්බුදය හමුවේ මතුවන ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව දැන් සිටීම සූදානම් වෙමින් සිටින බව පෙනේ.

leave a reply