සිතන්නට යමක් – 05

ඔබගේ කැමැත්ත ප්‍රමුඛ වනවාට ඔබ කැමතිය. ඔබ අකැමැති දෑ සිදු නොවනවාට ද ඔබ කැමතිය.

කෑම බීම, ඇඳුම් පැළඳුම් වැනි මූලික දේ මෙන්ම ඊට එහා වන භෞතික තෝරා ගැනීම් ඔබේ කැමැත්තතට ඔබේ තාලයට සිදුවන විම ඔබට සතුටක් දැනේ.

එතැනින් ඔබ්බට ඔබගේ මිතුරු සබඳකම් මෙන්ම සාමාන්‍ය හිතවත්කම් තුළ ද ඔබගේ රුචිකත්වය මතුවේ. එසේම සමහර නෑදෑ හිතවතුන් අතර පවා ඔබ වඩාත් කැමති මෙන්ම අකැමැති අයවලුන් සිටින්නට හැක.

මෙය ඔබට පමණක් නොව, ලොවටම පොදු ධර්මතාවයකි. සමහර ගෘහස්ථ සතුන් පවා තේරීම් කරනු මම දැක ඇත්තෙමි.

ගැටළුව එය නොවේ.

ඔබ අකමැති යමක් අන් අයෙකුගේ කැමැත්ත වන විටක එය ඉවසීමට ඔබට හැකිද? එවන් විටක ඔබ ඔවුන්ව විවේචනය කිරීමට පෙළඹෙනවාද?

නිදසුන් ලෙස,

01. ඔබ විලාසිතාවලට ප්‍රිය නොකරන කෙනෙක් යැයි සිතන්න. ඔබගේ සේවා ස්ථානයේ හෝ පදිංචි ප්‍රදේශයේ විලාසිතා වලට ප්‍රිය කරන අය අතරදී ඔබට යම් අපහසුවක්, නොරිස්සුමක් දැනෙනවාද…?

02. ඔබ මත්පැන් පානය නොකරන කෙනෙක් යැයි සිතන්න ( ස්ත්‍රී /පුරුෂ )
උත්සව අවස්ථාවකදී හෝ යම් සැමරුමකදී මත්පැන් පානය කරන්නන් පිළිබඳව ඔබට සියුම් අකැමැත්තක් දැනෙනවාද…?

03. ඔබගේ විශ්වාසයෙන් පිට යම් ඇදහීමක යෙදෙන අය අතර ඔබ පමණක් නිවැරදි බව ඔබට සිතෙනවා…?

මේ නිදසුන් කිහිපයක් පමණි. මෙසේ විශාල ලැයිස්තුවක් සකස් කර ඔබ ඉදිරියේ තැබූ විට ඔබගේ කැමැත්ත මතුවන බොහෝ තැන් ඔබටම හමු වේවි.

එහෙත්, ලෝකය නිර්මාණය වී ඇත්තේ විවිධත්වය මතය. විවිධ හැඩ විවිධ පැහැයන් ඒකාබද්ධව කෙතරම් සොඳුරු වටපිටාවක් අපට ලබාදී ඇත්ද…?

මදක් සිතන්න. ඔබ කැමති හැඩයන් සහ පැහැයන් පමණක් ඔබ අවට තිබුණොත්….? විටෙක එය ඒකාකාරී වේවි නේද…?

ඉතින්, ඔබ අකැමති අන් අය කැමති දෑ තුළ පවා සුන්දරත්වයක් දකින්න උත්සාහ කරමු. අන් අයගේ කැමැත්තට කොන්දේසි විරහිතව ගරු කිරීමට තරම් නිහතමානී වෙමු.

එවන් දවසක් බොහෝ ලස්සන වනු නිසැකය.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...