ඇල්පිටියේ රිය අනතුරේ සැකකරුට  දේශපාලන සහය 

පසුගිය 8 දා ඇල්පිටිය ප්‍රදේශයේ  සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ ස්වාමිපුරුෂයා සහ බිරිඳ මියගිය  අතර එම අනතුර සිදුකළ පුද්ගලයා අධික බීමතින් රිය දහවනය කර ඇති බවට  චෝදනා එල්ල වී තිබේ. ප්‍රසන්න ගුරුසිංහ සහ ඔහුගේ බිරිද ගංගා නිල්මිණී ව අනතුරට ලක් කොට තිබෙන්නේ ඇල්පිට්යේ අනුර ව්තානාච්ච් නමැති  පුද්ගලයාය. අනතුර සිදුවීමෙන් පසුව මෙම පුද්ගලයා  එම ප්‍රදේශයෙන් පලා ගොස් පසුව පොලිසියට භාරවී ඇති බව දැනගන්නට තිබේ. අනතුර සිදුවන විට අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට ඔහුට චෝදනා එල්ල වෙන අතර වෙරි හිඳුණු පසුව පොලිසියට බාර වූ බවටද අනතුරට ලක් වූ පාර්ශවයෙන් චෝදනා එල්ල  කරමින් පවතිනවා.

මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනකුගේ මව්පියන් ය .

කෙසේ වෙතත් මේ අනතුර සිදුකළ පුද්ගලයා  ඔහු සතු දේශපාලන සහ ව්‍යාපාරික බලය පාවිච්චි කරමින් මගහැර යෑමට තැත් කරන බවට වින්දිත පාර්ශ්වය චෝදනා එල්ල කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ මැදිහත්වීමද අනතුර සිදුකළ පුද්ගලයාට වාසිදායක වන ලෙස සිදු වෙමින් පවතින බවට ද චෝදනා එල්ල වී තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...