කොළඹ රෝහල් නවයක මරණ පරීක්ෂණ නැවතිලා

Date:

කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් නවයක මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකිරීම නිසාවෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන් පවසයි.

ඒ අනුව කොස්ගම සාලාව, පිළියන්දල, පාදුක්ක, වෑතර, අතුරුගිරිය, ඔරුවල, තලංගම, නවගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල යන රෝහල්වල මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොවන බැවින් ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවද ඔවුහු පවසති. මෙම රෝහල් අතුරින් බොහෝ රෝහල්වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, ශීතාගාර, පුහුණු සේවකයින්, එම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හිඟකම සහ අධිකරණ වෛද්‍ය නිලධාරියකු නොමැති නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි අනාවරණය වී ඇත.

මේ අතුරින් රෝහල් කිහිපයක් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇතුළු කාර්ය මණ්ඩලය සිටිය ද අධිකරණ වෛද්‍ය නිලධාරි හිඟය නිසාවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන් පෙන්වා දෙයි. මෙරට රෝහල් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් හයසියදෙනකුගේ පමණ අවශ්‍යතාවය තිබුණ ද මේ වන විට සිටිනුයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් බැවින් මෙම ගැටලුසහගත තත්ත්වය නිර්මාණය වී ඇති බව ද එම නිලධාරීන් පෙන්වා දෙති.

පාදුක්ක දිසා රෝහලේ සිදු වන හදිසි මරණයක දී එම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යා යුතු වීමෙන් මරණකරුගේ ඥාතීන්ට විශාල වියදමක් දැරීමටත් දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමටත් සිදු වන බවත් මේ තත්ත්වයන් නිසා හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට පැමිණෙන ජනතාව මහත් අසරණභාවයට පත්වන බවද වාර්තා වේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...