‘යුක්තියේ’ අයුක්තිය

රට තුළ ඉහළ යන මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් මැඩලීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම නව මෙහෙයුම නම් කර ඇත්තේ “යුක්තිය” නමිනි.

යුක්ති මෙහෙයුම හරහා දිගින් දිගටම පුද්ගල අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටියි. ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට මෙම මෙහෙයුම් හරහා අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය 2008ක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වන පිරිස් පවසමින් සිටින්නේ නිකරුනේ පුද්ගල අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි. එවැනි සිදුවීම් කිහිපයක් සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි. එසේම ඇතැම් අත්අඩංගුවට ගැනීම් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වෙමින් පවතියි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්වීමෙන් දින කිහිපයකට පසුවය. ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් ද පොදු සමාජය තුළ විරෝධයක් පවතියි. දේශබන්දු යනු පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් චෝදනා නැගූ තැනැත්තෙකි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වැරදිකරුවෙකු වූවෙකි.

මේ සියල්ලට අමතරව දේශබන්දු සම්බන්ධයෙන් පොලිස් ඇමතිට ඇත්තේ පුදුම අමාරුවකි. දිවි හිමියෙන් දේශබන්දු සුරැකීමේ කර්තව්‍යට පොලිස් ඇමති ටිරාන් අලස් උර දෙමින් සිටියි. දේශබන්දුට විරුද්ධව නීතිඥ සංගම් නිවේදන නිකුත් කිරීමත් සමඟ ටිරාන් අලස් පැවසුවේ එම නීතිඥවරුන් කුඩු සල්ලි මත යැපෙන නිසා එලෙස විරුද්ධ වෙන බවයි. ඊට අමතරව ඇමතිට ඇති චෝදනාවක් වන්නේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මැරීම සඳහා උපදෙස් දෙන බවයි.

එයට පිළිතුරු දෙන ටිරාන් පවසන්නේ තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බවත් වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.

සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන පිරිස් පවසන්නේ දේශබන්ධු වැනි නිලධාරීන් ලවා ටිරාන්ලාට වැඩ ගොඩක් සිදුකරගැනීමට අවශ්‍යව තිබෙන බවයි. එහි ප්‍රමුඛ කාර්ය වන්නේ ඉදිරියේදී තවත් අර්බුදය දීර්ඝ වීම හරහා මතුවන විරෝධය මර්දනය කොට දැමීමයි. වෙනත් වචනවලින් කියන්නේ නම් රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය පාර සුද්ධ කිරීමයි.

එහිදී ටිරාන්ලාට ජනතා මුදල් ගසාකන ජාවාරම් කරන තෝරු මෝරු මගහැරීමට ද අවශ්‍ය වෙනු ඇත. එය කිරීමටනම් ජනතාව දෙසට අපරාධකාරී ලේබලය ගැසිය යුතුය. ටිරාන් – දේශබන්දු – රනිල් සන්ධානයේ පදනම මෙම කරුණු මත ගොඩ නැගෙනවා විය හැක.

 

 

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...