Breaking News

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සියයට 2.8 දක්වා උද්ධමනය ඉහළ යාමට සියයට 39.22 කින් ආහාර කාණ්ඩයේ උද්ධමනය දායකවී ඇති බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 60.78 කින් දායක වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

ඔක්තෝබර් මාසයේදී සියයට සෘණ 5.2 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේදී සෘණ 2.2 දක්වා වැඩි වී ඇති බවත් ඔක්තෝබර් මාසයේදී සියයට 6.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේදී සියයට 7.1 දක්වා වැඩි වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

උද්ධමනයේ සත්‍ය අගය මෙම අංකවලට වඩා වැඩිවිය යුතු බව භාණ්ඩ මිල ගණන් පිරික්සීමේදී පෙනී යයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු කිලෝවක මිල අද (21) පෙරවරුව වන විට රුපියල් 650 ත 700 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබුණි.
පිටකොටුවේ ලොකු ලුණු සිල්ලර මිල රුපියල් 500 ත් 600 ත් අතර පැවතුණි.

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක මිල අද පෙරවරුවේ රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අතර ඉදිරි දින කීපයේදී තොග මිල තවත් ඉහළ යනු ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසයි.

මිට අමතරව බිත්තරයක මිල රු 70 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

විවිධ වාර්තා හරහා කියවෙන්නේ වැට් බද්ද වැඩිකිරීම ක්‍රියාත්මක වීමටත් පෙර භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවයි.

leave a reply