බදු වැඩිකළ සතුටට රනිල්ලා මහින්දලා පාර්ටි දාලා

භාණ්ඩ හා සේවා බද්ද 18%ක් දක්වා වැඩි කිරීම් සම්මත කිරීම සැමරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය සදුඳා දින සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද මෙම සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල පිරිසක් පැමිණ තිබූ බවයි.

වැට් බද්ද ඉහළ නැංවීමේ ඡන්ද විමසීමට තමන් සහභාගී නොවන බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාද එම සාදයට සහභාගි වී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ මොහොත නව වසරකට සූදානම් වෙමින් සිටිනවාට වඩා ජනතාව වඩා බියකින් පසුවන්නේ ජනවාරියේ සිට ජීවත්වන්නේ කෙසේද යන්න ගැනයි. එයට හේතුව ලබන වසරේ සිට වැට් බදු වැඩිකිරීම හරහා සියලු භාණ්ඩ හා සේවා මිල වැඩිවන බව ඔවුන් දන්නා බැවිනි. නමුත් රනිල්ලාට රාජපක්ෂලාට එය සැමරීමට කාරණයකි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...