Breaking News

බදු වැඩිකළ සතුටට රනිල්ලා මහින්දලා පාර්ටි දාලා

භාණ්ඩ හා සේවා බද්ද 18%ක් දක්වා වැඩි කිරීම් සම්මත කිරීම සැමරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය සදුඳා දින සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු ඊයේ (12) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද මෙම සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල පිරිසක් පැමිණ තිබූ බවයි.

වැට් බද්ද ඉහළ නැංවීමේ ඡන්ද විමසීමට තමන් සහභාගී නොවන බව පැවසූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාද එම සාදයට සහභාගි වී ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ මොහොත නව වසරකට සූදානම් වෙමින් සිටිනවාට වඩා ජනතාව වඩා බියකින් පසුවන්නේ ජනවාරියේ සිට ජීවත්වන්නේ කෙසේද යන්න ගැනයි. එයට හේතුව ලබන වසරේ සිට වැට් බදු වැඩිකිරීම හරහා සියලු භාණ්ඩ හා සේවා මිල වැඩිවන බව ඔවුන් දන්නා බැවිනි. නමුත් රනිල්ලාට රාජපක්ෂලාට එය සැමරීමට කාරණයකි.

leave a reply