බදු ගෙවීම පැහැර හැරි ජොන්ස්ටන්ගේ සමාගම වෙන නමකින් අරක්කු හදයි

රුපියල් මිලියන 580ක සුරා බදු ගෙවීම් පැහැර හැර සිටින පොහොට්ටු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ‘වයඹ ඩිස්ටලරිස්’ සමාගමේ නාමය වෙනස් කර නව සමාගමක් ලෙස කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ‘වයඹ ඩිස්ටලරිස්’ සමාගම බදු නොගෙවීම නිසා එහි බලපත්‍රය අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කරණු ලැබුවා.

ඒ අනුව සුරා බදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පැහැර හැර ඇති රුපියල් මිලියන 580ක බදු මුදල පසුගිය ඔක්තෝම්බර් මස තිස් වන දින වනවිට ගෙවා නිම කරන ලෙසයි.

ඉන් පසු ‘වයඹ ඩිස්ටලරිස්’ අරක්කු සමාගම රෝයල් සිලෝන්’ නමින් යළි මත්පැන් නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් අදාළ බදු මුදල නොගෙවා ගෙවීම නතර කර තබා ගැනීම සඳහා පසුගිය ඔක්තෝබර් 27 වනදින අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ ‘රෝයල් සිලෝන්’ වෙනුවෙන් මෙම නඩුව ගොනු කර ඇත්තේ WAT 064923 අංකය යටතේ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු, නීතිඥවරුන් වන ලක්මාල් රත්නායක, අමිත් පෙරේරා හා එස්. ප්‍රේමචන්ද්‍ර යන අය විසින්.

මෙම නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න හා එම්.සී.බී.එස් මොරායාස් විසින් රිට් ආඥාවක් නිකුත් කර බලපත්‍රයේ වලංගු කාලය 2024 – මාර්තු 25 දක්වා ලබා දෙමින් එදින යළි විභාග කිරීමට තීන්දු කර තිබෙනවා.

මීට අදාළ විරෝධතා ඇත්නම් 2024 ජනවාරි 15 දිනට පෙර ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ.

රුපියල් මිලියන 580 ගෙවීමට නොහැකි ඇයිදැයි හේතු දැක්වීමට සමාගමට අවස්ථාවක් ලබාදී නොමැති බව මෙම සමාගම වෙනුවෙන් නීතීඥවරු කරුණු දක්වා තිබෙනවා.

මේ ආකාරයට සුරා බදු ගෙවීම පැහැර හැර ඇති මෙන්ඩිස් සමාගම, සිනර්ජි සමාගම සහ රන්දෙනිගල සමාගම්ද මේ ආකාරයටම අධිකරණයේ සහය පැතුවොත් රුපියල් බිලියන 12කට අධික හිඟ සුරා බදු මුදලක් රටට අහිමි වනු ඇති

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්