බාල බෙහෙත් මගඩිය – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනම්, ඇමතිට මුකුත් නෑ

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද
මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. නමුත් පසුගිය වර මෙම නඩුව විභාග වූ අවස්ථාවේ ද කතා බහට ලක්වූ කාරණය වන සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නැත.

මෙම පිරිසට තහනම නිකුත් කර ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ (ඉමියුනොග්ලොබියුලීන්) එන්නත් ගනුදෙනුවට සම්බන්ධ බවට සැක කරමිනි.

එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදා හැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් අධිකරණය මගහැර විදේශගත වීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කර ඇත.

එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු පහත සඳහන් උසස් නිලධාරීන් 9 දෙනෙකුට මෙම තහනම් නියෝගය පනවා තිබේ.

1 – සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත
2 – අත්තනායක මුදියන්සේලාගේ සමන් කුසුම්සිරි රත්නායක
3 – හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
4 – බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත්
5 – යූ. එස්. කේ. දෙනාවත්ත
6 – ඩී.එච්.ආර්. එන්. ප්‍රේමතුංග
7 – ටී. ඩී. සොලමන්
8 – මරක්කල මානගේ නිරාන් ධනංජය
9 – එම්. සුජිත් වසන්ත කුමාර

මෙම පුද්ගලයන් විදේශගත වීමට ක්‍රියා කළහොත් හෝ විදේශගතව සිට මෙරටට පැමිණියහොත් එම ගමන නවතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස මාලිගාකන්ද අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඒ, 1948 අංක 20 දරන ආගාමික විගාමික පනතේ 1993 අංක 16 දරන පනතින් සංශෝධිත ආගාමික විගාමික පනතේ 51 (ඇ) (1) වගන්තිය සමග කියවිය යුතු 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය අනුව බව ද අධිකරණ නියෝගයේ දක්වා තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දෙන අවස්ථාව වන විටත් තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී විදෙස්ගත වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ අනුමැතියකින් තොරව, සහකාර ලේකම්වරයාගේ අනුමැතිය යටතේ විෂය භාර ඇමැතිවරයාගේ අවසරය මත ඔහු විදෙස්ගත වී ඇති බව ද හෙතෙම කීය.

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වී මිල දී ගත් මානව ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු ගොනු කර ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වන ලදැයි කියන සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’, ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන තිදෙනාට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මිට ඉහත දී විදෙස් ගමන් තහනමක් පනවා තිබිණ.

මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි අංශය විසින් වෙන වෙනම විමර්ශන සිදුකරමින් පවතී.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබුණ ද මෙතෙක් ඔවුන් ඉදිරිපත් කර නොතිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නොවැම්බර් 18 වන දා සිට සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...