කඳුළු ගෑස් ගැන වාර්තාවක් වහාම දෙන්නැයි කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්!

විරෝධතා මර්දනයේදී ජීවිත දෙකක් අහිමිවී ඇති බවට ඇති චෝදනා හේතුවෙන්, කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කරන ලද ආකාරය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ පොලීසියට නියෝගයක් සිදුකර තිබේ.

ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් සති 02 ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස අධිකරණය, මහජන සාමය, කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගය ඉකුත් පෙබරවාරි 26 වැනිදා කොළඹ දී පැවැත් වූ විරෝධතාවට සහභාගි වූ එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිගේ මරණය වීමට පොලිසිය එල්ල කරන ලද කඳුළු ගෑස් හේතුවක් විය හැකි බවට මියගිය අයගේ පාර්ශ්වය කරනු ලැබූ චෝදනා සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබිණ.

එහිදී මහේස්ත්‍රාත්වරයා මියගිය නිමල් අමරසිරිගේ පුත්‍රයාව සිය විනිසුරු කාමරය (චේම්බර් එක) තුළට ගෙන්වා මරණය පිළිබඳ සැකයක් තිබේදැයි විමසා තිබුණි. එහිදී මරණය කඳුළු ගෑස් නිසා සිදු වූ බවට සැකයක් ඇතැයි ප්‍රකාශ වී තිබේ.

යුද්ධයේදී පවා පාවිච්චි කිරීම තහනම් වූ රසායන අවියක් වන කඳුළු ගෑස් මාරාන්තික බවට විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක වාර්තා මෙන්ම, ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන ගණනාවක ඉදිරිපත් කිරීම් තිබේ. පුද්ගලයෙකුගේ ශරීරයේ අවයවයන්ට හානි වීම, දීර්ඝකාලීන රෝගාබාධ මෙන්ම ක්ෂණික මරණය දක්වා කඳුළු ගෑස් නිසා සිදුවිය හැකි බව දැනට තහවුරු වී ඇති කාරණයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්