කඳුළු ගෑස් ගැන වාර්තාවක් වහාම දෙන්නැයි කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්!

විරෝධතා මර්දනයේදී ජීවිත දෙකක් අහිමිවී ඇති බවට ඇති චෝදනා හේතුවෙන්, කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කරන ලද ආකාරය සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ පොලීසියට නියෝගයක් සිදුකර තිබේ.

ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් සති 02 ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස අධිකරණය, මහජන සාමය, කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

ජාතික ජන බලවේගය ඉකුත් පෙබරවාරි 26 වැනිදා කොළඹ දී පැවැත් වූ විරෝධතාවට සහභාගි වූ එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරිගේ මරණය වීමට පොලිසිය එල්ල කරන ලද කඳුළු ගෑස් හේතුවක් විය හැකි බවට මියගිය අයගේ පාර්ශ්වය කරනු ලැබූ චෝදනා සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබිණ.

එහිදී මහේස්ත්‍රාත්වරයා මියගිය නිමල් අමරසිරිගේ පුත්‍රයාව සිය විනිසුරු කාමරය (චේම්බර් එක) තුළට ගෙන්වා මරණය පිළිබඳ සැකයක් තිබේදැයි විමසා තිබුණි. එහිදී මරණය කඳුළු ගෑස් නිසා සිදු වූ බවට සැකයක් ඇතැයි ප්‍රකාශ වී තිබේ.

යුද්ධයේදී පවා පාවිච්චි කිරීම තහනම් වූ රසායන අවියක් වන කඳුළු ගෑස් මාරාන්තික බවට විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක වාර්තා මෙන්ම, ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන ගණනාවක ඉදිරිපත් කිරීම් තිබේ. පුද්ගලයෙකුගේ ශරීරයේ අවයවයන්ට හානි වීම, දීර්ඝකාලීන රෝගාබාධ මෙන්ම ක්ෂණික මරණය දක්වා කඳුළු ගෑස් නිසා සිදුවිය හැකි බව දැනට තහවුරු වී ඇති කාරණයකි.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...