Breaking News

බලය නැති නිසා අරගලයට සුදු හුණු ගාන සරත් ෆොන්සේකා

නිර්පාක්ෂික අරගලකරුවන් නමින් ඊයේ (මාර්තු 6) කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයකදී එහි සංවිධායකයන්ගේ ආරාධනය පරිදි ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට සම්මන්ත්‍රණයට සම්බන්ධව සිටි පිරිසකගෙන් විරෝධය එල්ල විය.

එහිදී නිර්පාක්ෂික අරගලකරුවන් ප්‍රශ්න කර සිටියේ සරත් ෆොන්සේකා නිර්පාක්ෂික වන්නේ කෙසේද යන්නයි.

සමගි ජන බලවේගයේ තනතුරු දරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් ඉවත්ව නිර්පාක්ෂික වී ඔවුන් සමඟ එකතු වීමට කැමති දැයි විමසන ලදී. එසේ ඉන්නට කැමැති නම් සරත් ෆොන්සේකා නිර්පාක්ෂිකයෙකු ලෙස පිළිගන්නට ඔවුන් කැමති බවද ප්‍රකාශ කළේය. සරත් පොන්සේකා ගේ පැමිණීම ප්‍රශ්න කළ නිර්පාක්ෂික අරගලකරුවන් දිගින් දිගටම සරත් ෆොන්සේකා ගෙන් විමසා සිටියත් ඔහු නිර්පාක්ෂික වීමට කැමති දැයි ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ නැත.

පසුව එහි සංවිධායකයන් ප්‍රකාශ කර සිටියේ එම ස්ථානයට ඕනෑම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්ට පැමිනෙන්නට නිදහස තිබෙන බවත් ඔවුන් කිසි විටෙක කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන්නට යෝජනා නොකරන බවයි.

රනිල් වික්‍රමසිංහ බලය නැති මොහොතේ අරගලයට සුබපැතුවා පමණක් නොව අරගලයට සහය දැක්විය යුතු බවද ප්‍රකාශකර සිටියා. සරත් ෆොන්සේකා ද මේ වන විට අරගලය සහ  අරගල ක්‍රියාකාරිකයන් ව  පාවිච්චි කරමින් බොරදියේ මාලු බාන්නට සූදානම් වන බව ඔහුගේ හැසිරීම තුළින් පිළිබිඹු වෙනවා.  එපමණක් ද නොව  මේ හමුවට සරත් ෆොන්සේකාව ආරාධනා කර ගෙන්වීම  බොරදියේ මාළු බෑමේ තවත් එක් අදියරක්.  බලය නැති මොහොතේ මේ බලන්නේ බලය ලබා ගැනීම සඳහා  ජනතා ප්‍රසාදය කොල්ල කාගැනීමටයි.  සරත් ෆොන්සේකා ද රනිල් වික්‍රමසිංහ ලාගෙන්, රාජපක්ෂලාගෙන්, හෝ මේ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන කිසිවකුගෙන් වෙනස් වන්නේ නැත.  බලය අතට ලැබෙන මොහොතේ දී සරත් ෆොන්සේකා ඔය තරම් මටසිලිටු වන්නේ නැත.  එහෙයින් අරගලකරුවන්  බොරදියේ මාළු බාන සරත් ෆොන්සේකා වැනි දේශපාලන ගේම් කාරයන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි.

 

leave a reply