අර්බුදය මැදත් ඇවිදින මංතීරු හදන්න රු. මිලියන 1263ක් වියදම් කරලා

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසා ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය මෙම මංතීරු ඉදිකර කර ඇති බවත් ඒ සදහා මුදල රුපියල් මිලියන 1,263 ක් වැය කර ඇති බවත් පුවත්පත සදහන් කර ඇත.

2021 වසරේ ඇවිදින මංතීරු 30 ක් ස්ථාපනය කිරීම සදහා ස්ථාන හදුනාගත් අතර ඉන් 25 ක වැඩ ආරම්භ කෙරිණ. පසුගිය දෙසැම්බර් 25 වන දිනට එම මංතීරු සියල්ල ඉදිකර අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකිව ඇති බවය.

කැස්බෑව, බලංගොඩ, අම්පාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගම්පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව, ඉංගිරිය, මඩකලපුව, කඹුරුගමුව, නුවරඑළිය, යක්කල, යාපනය, පේදුරුතුඩුව යන ප්‍රදේශ වල මෙම මංතීරු ඉදිකර ඇති බවය.

යක්කල වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඉදිකර ඇති මංතීරුව නම්කරු ඇත්තේ ‘විකුම් උයන’ නමිනි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65 කි. මෙහි වාහන 30 ක් පමණ නතර කළ හැකි රථ ගාලක්ද ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය ගංවතුර සදහා බලපෑමක් ඇති නොවන ලෙස ඉදිකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආයුර්වේද කලාපයක් ස්ථාපනය කිරීමේ අදහසක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය වෛද්‍ය අමාත්‍යංශය සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවද ඇමතිවරයා පවසා ඇත.

මේ අතර රාගම, පේරලන්ද ඇවිදින මංතීරුවේ 3 වන අදියරේ ඉදිකරීම් කටයුතු මේ වසර තුළ කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇති බවත් පුවතේ සදහන් කර ඇත.

පේරලන්ද ඇවිදින මංතීරුවේ පළමු සහ දෙවන අදියරවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මේ සදහා දැනට වැය කර ඇති මුදල රුපියල් මිලියන 208 කි. නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. 3 වන අදියරේදී මෙහි ළමා උද්‍යානයක්, ආපන ශාලාවක් සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බවත්ය.

දැනට ඉදිකිරීම් අවසන් කොට ඇති මෙවැනි ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිළධාරීන්ට උපදෙස් දී ඇතැයි පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...