IMF ප්‍රතිසංස්කරණවලට උපරිම සහය දෙනවා – රජයේ මුදල් පිළිබද කාරක සභාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබා දීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බව එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා තිබේ.

මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහබැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහබැංකුවේ නිළධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.

පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළඳපල හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව ද කාරක සභාව විමසන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බවත්, වෙළඳපොළ පුළුල් වීම සදහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවත් ඔවුන් පෙන්වා දුන් බව වාර්තා වේ.

මෙහි ප්‍රතිසංස්කරණවලට එකඟ වූ බව සඳහන් කරන්නේ වෙන කිසිවක් ගැන නොවේ. දැනට සිදුකර ඇති බදු වැඩි කිරීම්, විදුලි සහ ජල ගාස්තු ඉහළ දැමීම මෙන්ම ණය පොලී වැඩිකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට තමන් එකඟ වූ බවයි. ඒ අනුව ජනතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමට මෙන්ම ණය ලබාගැනීමෙන් පසුද අර්බුදයේ බර දරාගෙන සිටීමට සිදුවීම ගැන ඉඟියක් මේ හරහා ලබාදේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...