වසන්ත වෙනුවෙන් නුගේගොඩදී හෘද සාක්ෂිය අවදි කල මිනිස්සු

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයේ තවත් අදියරක් අද (13) නුගේගොඩදී පැවැත්විණි.

එම දිව්රුම් ප්‍රකාශනය මගින් පවසා ඇත්තේ ජූලි 09 වනදා කොළඹට පැමිණි මිලියන ගණනක ජනතාව අතර තමන් ද සිටි බවයි. එම නිසා සාමකාමී විරෝධය පලකල මා ඇතුළු අනෙකුත් පුරවැසියන් සහ සමානව සළකා වසන්ත මුදලිගේ සම්බන්ධයෙන්ද ක්‍රියාකරන ලෙස එම දිව්රුම් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

එහිදී නුගේගොඩ ප්‍රදේශයේ ජනතාව වසන්ත වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තබා තිබේ. මේ ආකාරයට දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම ජනවාරි 17 දක්වා දිවයින පුරා විවිධ ස්ථානවල සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...