පරණ හොරු අලුත් මුහුණකින්

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව, නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

මේ අතර, එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම පැවසේ.

මේ අතර, නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්, මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසේ.

ඉදිරි කාලයේ පැවැත්විය හැකි මැතිවරණයක් සඳහා පරණ හොරුම වෙනස් මුහුණකින් පැමිණීමට ලෑස්ති වෙමින් සිටින බව ජනතාවගේ අදහසයි. මේ සන්ධානයට සම්බන්ධවන සියලු දෙනා දැනට මතුව ඇති ආර්ථික අර්බුදයට වගකිව යුතු අයවලුන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ සියලු කැත වැඩ සඳහා සහයෝගය දක්වමින් සිට බලය ගිලිහෙන මොහොතේ ඉන් ඉවත් වූ පමණින් එම වගකීම ගැන ජනතාවට අමතක නොවේ.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...