සිය සෞඛ්‍ය රක්ෂණය ඉහළ දමන්නැයි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්!

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

දැනට හිමි ලක්ෂ 02 ක රක්ෂණය වෙනුවෙන් රජය රුපියල් 80,000 ක මූලික මුදලක් වැය කරන අතර රක්ෂණ වටිනාකම මිලියනයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළහොත් ඒ සඳහා රජයට එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් අමතර රුපියල් 130,000 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වේ.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවය දැඩි අර්බුදයකට ගොස් තිබෙන්නේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පවා සපයා ගත නොහැකි වීම හේතුවෙනි. ජීවිතයත් මරණයත් අතර සටනක පසුවන පිළිකා රෝගීන්, හෘද රෝගීන්, වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ගවල පවා දැඩි හිගයක් පවතී.

ඖෂධ නොමැතිව රටේ බහුතර සාමාන්‍ය ජනතාව ජීවිත අවදානමකට මුහුණ දී සිටින අවස්ථාවක මහජන නියෝජිතයන් මෙලෙස සිය පහසුකම් පමණක් ඉහළ දමා ගැනීමට යෝජනා කිරීමම බරපතල ගැටලුවකි. ඊට අමතරව නිදහස් සෞඛ්‍ය සේවයක් සහිත රටක සෞඛ්‍ය රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයිද යන ප්‍රශ්නයත් පවතියි. ඒ අතරම මෙවර අතුරු අයවැය තුළින් ද සෞඛ්‍ය සඳහා ඉතා අඩු මුදලක් වෙන් කර තිබුණි. නිදහස් සෞඛ්‍ය වලපල්ලට යවන අතර මැති ඇමතිවරු සෞඛ්‍ය රක්ෂණ හරහා තමන්ගේ සුඛ විහරණ සලසා ගනියි. ඒ සඳහා නැවත පවිච්චි වෙන්නේද ජනතාවගේ බදු මුදල් වේ.

 

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...