ණය හිලව්වට ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති පවරා ගන්නේ නෑ – චීන තානාපති

චීන ණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි හුවමාරුවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගනිමින් ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවට චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවටත් විවිධ වාර්තා පළවුණා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට පවතින ප්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔවුන් කැමැත්ත නොදැක්වීම බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව, ඩොලර් බිලියන 7.1 ක පමණ ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබෙනවා.

මේ අතර, චීන තානාපති චී ෂෙන්හොං ඊයේ (28) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට අඛණ්ඩව සහය ලබාදෙන බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය එක් රැයකින් විසඳා ගැනීමට නොහැකි බවයි එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ආධාර ලබාදීමට කටයුතු කරන බව ද මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී චීන තානාපතිවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.

අප්‍රිකානු රටවල් 17 සඳහා ලබා දී ඇති පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට චීනය තීරණය කළ බව චීන රාජ්‍ය ඇමති චං යී ප්‍රකාශ කර ඇත.
පසුගිය දා සෙනගාල්හිදී පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ 8 වන අමාත්‍ය සමුළුවට ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙමින් චීන රාජ්‍ය ඇමතිවරයා මෙම තීරණය දැනුම් දී තිබේ. නමුත් ලංකාවේ ණය කපා දැමීම ගැන චීනය මෙතෙක් කිසිවක් සඳහන් කර නැහැ.

චීන තානාපතිවරයාගේ මෙම සංචාරය සිදුවූ දිනයේම ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ද මහනුවර සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබුනත් එය අවලංගු කර තිබුණි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...