ණය හිලව්වට ශ්‍රී ලංකාවෙ ව්‍යාපෘති පවරා ගන්නේ නෑ – චීන තානාපති

චීන ණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි හුවමාරුවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරා ගනිමින් ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවට චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවටත් විවිධ වාර්තා පළවුණා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට පවතින ප්‍රධානතම බාධාව බවට පත්ව ඇත්තේ චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔවුන් කැමැත්ත නොදැක්වීම බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව, ඩොලර් බිලියන 7.1 ක පමණ ණය මුදලක් චීනයෙන් ලබාගෙන තිබෙනවා.

මේ අතර, චීන තානාපති චී ෂෙන්හොං ඊයේ (28) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමට අඛණ්ඩව සහය ලබාදෙන බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය එක් රැයකින් විසඳා ගැනීමට නොහැකි බවයි එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ආධාර ලබාදීමට කටයුතු කරන බව ද මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී චීන තානාපතිවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.

අප්‍රිකානු රටවල් 17 සඳහා ලබා දී ඇති පොලී රහිත ණය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට චීනය තීරණය කළ බව චීන රාජ්‍ය ඇමති චං යී ප්‍රකාශ කර ඇත.
පසුගිය දා සෙනගාල්හිදී පැවති චීන – අප්‍රිකා සහයෝගිතාව පිළිබඳ සංසදයේ 8 වන අමාත්‍ය සමුළුවට ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙමින් චීන රාජ්‍ය ඇමතිවරයා මෙම තීරණය දැනුම් දී තිබේ. නමුත් ලංකාවේ ණය කපා දැමීම ගැන චීනය මෙතෙක් කිසිවක් සඳහන් කර නැහැ.

චීන තානාපතිවරයාගේ මෙම සංචාරය සිදුවූ දිනයේම ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ද මහනුවර සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබුනත් එය අවලංගු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...