දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ශ්‍රමය මංකොල්ල කෑමට ගෙන එන නීතිවලට විරෝධය

වයස අවුරුදු 16 වැඩි පාසල් දරුවන්ට රැකියා වල නිරත වීමට හා කිසිඳු සමාජ සුරක්ෂිතභාවයක් ඇති නොකර කාන්තාවන් රාත්‍රී සේවය සඳහා යොදා ගැනීමට හැකි වන පරිධි කම්කරු නීති සංශෝධනය කිරීමේ තීරණයට එරෙහි වෙමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හා පෞද්ගලික සේවක මධ්‍යස්ථානය විසින් අද (19) නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මේ මොහොතේ ආණ්ඩුවට මුදල් අවශ්‍ය වී ඇති බවත් ඒ වෙනුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ශ්‍රමය අඩු මුදලට කොල්ලකෑම සඳහා නීති සංශෝධන ගෙන එන බවයි. එසේම දැනට ඇතැම් ක්ෂේත්‍ර තුළ කාන්තාවන් රාත්‍රී සේවා මුර සිදුකරන නමුත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රැකවරණය, ප්‍රවාහන පහසුකම්, විවේකි පහසුකම් ලබාදිය =යුතු බවට නිර්දේශ කර ඇතත් ඉදිරියේදී මේ සියල්ල කපා දමා කාන්තාවන් රාත්‍රී සේවා සඳහා යොදාගැනීමට නියමිත බවද ඇය පවසයි. එසේම හේමමාලි අබේරත්න පැවසුවේ ලෝක කම්කරු සංවිධානය පවා රාත්‍රී වැඩමුර ප්‍රතික්ෂේප කර ඇති බවත් එහි නිර්දේශ වන්නේ සේවකයන් පැය 08ක් වැඩකොට පැය 08ක් පෞද්ගලික කටයුතු සඳහා සිට පැය 08ක් නිදාගැනීම සඳහා වැයකළ යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...