දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ශ්‍රමය මංකොල්ල කෑමට ගෙන එන නීතිවලට විරෝධය

වයස අවුරුදු 16 වැඩි පාසල් දරුවන්ට රැකියා වල නිරත වීමට හා කිසිඳු සමාජ සුරක්ෂිතභාවයක් ඇති නොකර කාන්තාවන් රාත්‍රී සේවය සඳහා යොදා ගැනීමට හැකි වන පරිධි කම්කරු නීති සංශෝධනය කිරීමේ තීරණයට එරෙහි වෙමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය හා පෞද්ගලික සේවක මධ්‍යස්ථානය විසින් අද (19) නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

මෙහිදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පැවසුවේ මේ මොහොතේ ආණ්ඩුවට මුදල් අවශ්‍ය වී ඇති බවත් ඒ වෙනුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ශ්‍රමය අඩු මුදලට කොල්ලකෑම සඳහා නීති සංශෝධන ගෙන එන බවයි. එසේම දැනට ඇතැම් ක්ෂේත්‍ර තුළ කාන්තාවන් රාත්‍රී සේවා මුර සිදුකරන නමුත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රැකවරණය, ප්‍රවාහන පහසුකම්, විවේකි පහසුකම් ලබාදිය =යුතු බවට නිර්දේශ කර ඇතත් ඉදිරියේදී මේ සියල්ල කපා දමා කාන්තාවන් රාත්‍රී සේවා සඳහා යොදාගැනීමට නියමිත බවද ඇය පවසයි. එසේම හේමමාලි අබේරත්න පැවසුවේ ලෝක කම්කරු සංවිධානය පවා රාත්‍රී වැඩමුර ප්‍රතික්ෂේප කර ඇති බවත් එහි නිර්දේශ වන්නේ සේවකයන් පැය 08ක් වැඩකොට පැය 08ක් පෞද්ගලික කටයුතු සඳහා සිට පැය 08ක් නිදාගැනීම සඳහා වැයකළ යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...