ඉදිරි සති 2 ගැන අනාවැකි කිව් රනිල් දැන් ඉදිරි මාස 06 ගැන කියයි

ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයාව සිටි සමයේ රනිල් වික්‍රමසිංහ වරින් වර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් පවසා සිටියේ ඉදිරි සති දෙක අමාරු බවයි. දැන් ජනාධිපති වීමෙන් පසු ඉදිරි මාස 06 අමාරු බව පැවසීමට පටන් ගෙන තිබේ. මෙලෙස අනාවැකිය වෙනස් වීම හැර වෙන කිසිදු වෙනසක් රනිල් යටතේ සිදුව නැති බව ජනතාව පවසමින් සිටියි.

ඉදිරි ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අකමැත්තෙන් වුවද එම තත්වයට මුහුණදීමට සිදුවන බවත්, එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මුහුණදීමට ඇති අතිශය බැරෑරුම් තත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එකම විසඳුම බවත්, මේ වනවිටත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ කවුරුන් අකමැති වුවද IMF සහාය ලබා ගැනීමට සිදුවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...