ඉදිරි සති 2 ගැන අනාවැකි කිව් රනිල් දැන් ඉදිරි මාස 06 ගැන කියයි

ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයාව සිටි සමයේ රනිල් වික්‍රමසිංහ වරින් වර මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් පවසා සිටියේ ඉදිරි සති දෙක අමාරු බවයි. දැන් ජනාධිපති වීමෙන් පසු ඉදිරි මාස 06 අමාරු බව පැවසීමට පටන් ගෙන තිබේ. මෙලෙස අනාවැකිය වෙනස් වීම හැර වෙන කිසිදු වෙනසක් රනිල් යටතේ සිදුව නැති බව ජනතාව පවසමින් සිටියි.

ඉදිරි ඉදිරි මාස 06 ක කාලය අතිශය දුෂ්කර වකවානුවක් වියහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි තත්වයන්ට එම කාලසීමාව තුළදී මුහුණදීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අකමැත්තෙන් වුවද එම තත්වයට මුහුණදීමට සිදුවන බවත්, එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද (05) කොළඹදී පැවති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මුහුණදීමට ඇති අතිශය බැරෑරුම් තත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම එකම විසඳුම බවත්, මේ වනවිටත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගැනීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ කවුරුන් අකමැති වුවද IMF සහාය ලබා ගැනීමට සිදුවන බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...