පොලීසිය පක්ෂ කාර්යාලවලට කඩා වදින්නේ පොදු සමාජය බයකරන්න – දුමින්ද නාගමුව

අද (29) උදෑසන 7.30ට පමණ නිල ඇඳුම් ඇඳගත් එක් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු දස දෙනකු පමණ හදිසියේම නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර වරෙන්තුකරුවකු සොයන බව පැවසුවත් වරෙන්තුකරු කවුද, තමන් කවර පොලිසියකට අයත්ද යන්න සඟවමින් හැසිරී තිබේ.

එම පිරිස පිටව ගිය වහාම මිරිහාන පොලිසියේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණි තිබෙන අතර ඔවුන් පවසා ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සෙවීමට පැමිණි බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ ආණ්ඩුව විසින් අරගලකරුවන්ට සිද්ධ වෙන්නේ මේකයි යන්න පොදු සමාජයට පෙන්වීමට මානසික යුද්ධයක් ක්‍රියාත්මක කරන බවයි. ආණ්ඩුවට තමන්ගේ පක්ෂ ක්‍රියාකාරීන්ට තමන් බලවත් බව පෙන්වා ඡන්දයකට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට අවශ්‍ය වී ඇති බවද ඔහු පවසයි.

” දවස් දෙක තුනකට කලින් දනිශ් අලී ව අත්අඩංගුවට ගත්තා. අන්තරේ සහෝදරයෙක් අත්අඩංගුවට ගත්තා. අද රෑ වෙනකොට තව නිව්ස් එකක් ඕනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට කඩා වැදුනා කියලා. සමාජය තුළ භීතිය වැපිරීමට සහ දිගුකාලින මර්දනයකට අවශ්‍ය පළමු ක්‍රියාමර්ග මේ ගනිමින් ඉන්නේ. ”

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...