බස් – දුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය සහ බස් ගාස්තු යන දෙකම ඉහළ දැමීමට මේවනවිට තීරණය වී තිබේ.

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22% කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පවසන්නේ මේ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස්ගාස්තුව රු 40ක් වනු ඇති බවයි.

පසුගියදා ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් හා බස් සංගම් අතර පැවති සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වුණා.

එහිදී පෞද්ගලික බස්රථ හිමියන් අතර බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මත ගැටුමක්ද නිර්මාණය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...