ඖෂධ නොමැතිව සර්පයකු දෂ්ඨ කළ පාසල් සිසුවෙකු මිය යයි

අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ15 හැවිරිදි සිසුවකු පොළඟකු දෂ්ට කිරීමෙන් පසුගිය 08වෙනිදා මියගොස් තිබෙනවා. ඔහු අනුරාධපුර කලත්තෑව ප්‍රදේශයේ විනුක් තෙවිනාත් නමැති සිසුවෙක්.
සර්පයා දෂ්ට කිරීමෙන් සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණා. විෂ උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 08 දා සිසුවා මිය ගොස් තිබෙනවා.
අදාල සර්ප විෂට ලබාදෙන ඖෂධ ලබාදීමෙන් පසු ඇතිවන ආසාත්මික තාවයට අත්‍යඅවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග නොමැති වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට වාර්තා වනවා.
සිසුවා අසාධ්‍ය වීමෙන් පසු අදාළ අත්‍යවශ්‍ය ඖෂධය රෝහලේ නොමැති බවට රෝහල් බලධාරීන් දෙමාපියන්ට දැනුම් දී තිබුණා. පසුව ඔවුන් මෙම ඖෂධය සොයා පුද්ගලික ‌ඔසුහල් 48 කට ගොස් ඇතත් ඔෂධය සොයා ගැනීමට හැකිව නැහැ. ඒ අතර තුර කාලය ඉක්ම යාමත් සමඟ දරුවා මියගොස් තිබෙනවා.
දැනට රට තුළ පවතින මෙම අත්‍යාවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ හිගය සම්බන්ධයෙන් තමන් මාස ගණනක සිට කරුණු ඉදිරිපත් කළ ද සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්තබණ්ඩාර පවසනවා.
“මෙම ඖෂධ හිඟය නිසා රෝගී ජීවිත දැඩි අවධානමකට ලක්වෙලා. මෙම දරුවාගේ මරණය ‌රටපු‌රා රෝහල් තුළ සිදුවන මෙවැනි මරණ වලින් එක් අනාවරණයක් පමණයි. ආණ්ඩුව වහාම මෙම ‌ඖෂධ හිඟයට පිළියම් යෙදිය යුතුයි. නැතිනම් ආණ්ඩුව හා ‌සෞඛ්‍ය ඇමතිවරයා මෙම මරණ වල වගකීම බාර ගත යුතුයි” යැයි වෛද්‍ය ජයන්ත බන්ඩාර වැඩිදුරටත් අවධාරණය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...