සඟවන්න බැරි තරමට ආහාර අර්බූදයක පෙරනිමිති තියනවා

වර්තමාන දේශපාලන ආර්ථික අර්බුද හමුවේ සමස්ත ජන සමාජයම උඩු යටිකුරු වී තිබෙන අවස්ථාවේ අප මේ සූදානම් වන්නේ මේ අර්බුදය ඇතුලේ ගොවිතැන් බතින් ජීවත්වෙන රටට බත සපයන ගොවියා ගිය අර්බුදය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කර ගන්න.

ඔබ දන්නවා වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ තකතීරු තීන්දුවක් මත එක රැයෙන් කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කරමින් රසායනික පොහොර ගෙන්වීම නවතා කාබනික පොහොර ප්‍රතිපත්තියකට ගියා. එය සද්භාවයෙන් කළ ක්‍රියාවක් නොවන බවත් එය ඉදිරියේදී මතුවීමට තිබෙන ආර්ථික අර්බුදයට මුහුණදීමට මුදල් ඉතිරි කර ගැනීම සඳහා කළ වංචනික ප්‍රතිපත්ති මරු කිරීමක් බව අප කාටත් පැහැදිලි වෙනවා. මේ  තකතීරු ප්‍රතිපත්තියේ ප්‍රඵලයක් විදිහට අද රටට බත නැතිවී තිබෙනවා. එපමණක් ද නොව ඉදිරි කාලය තුළ විශාල ආහාර අර්බුදයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ආණ්ඩුව ගත් තකතීරු තීන්දුව සාධාරණීකරණය කර ගන්නට ලෝක ආහාර අර්බුදයක් ඇති වීමට නියමිතයි කියමින් විශාල බොරුවක් රට තුළ ගෙන යමින් ඉන්නවා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ගෝඨාභය මහින්ද වන් තකතීරු වන්ගේ මෝඩ තීන්දු තීරණ වල ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ මෙන්න මේ වටපිටාව යටතේ අපි කැමති ඔබ සමග අද ගොවි ජනතාව පත් වී තිබෙන මුහුණ දී ඉන්න ඉරණම පිළිබඳව යම් කතාබහ. මේ කතාබහ වෙනුවෙන් අප සමඟ සම්බන්ධ වෙනවා ගොවිඅරගල   ව්‍යාපාරයේ  ජාතික සංවිධායක විමල් වත්තුහේවා සහෝදරයා.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...