සඟවන්න බැරි තරමට ආහාර අර්බූදයක පෙරනිමිති තියනවා

වර්තමාන දේශපාලන ආර්ථික අර්බුද හමුවේ සමස්ත ජන සමාජයම උඩු යටිකුරු වී තිබෙන අවස්ථාවේ අප මේ සූදානම් වන්නේ මේ අර්බුදය ඇතුලේ ගොවිතැන් බතින් ජීවත්වෙන රටට බත සපයන ගොවියා ගිය අර්බුදය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කර ගන්න.

ඔබ දන්නවා වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගේ තකතීරු තීන්දුවක් මත එක රැයෙන් කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කරමින් රසායනික පොහොර ගෙන්වීම නවතා කාබනික පොහොර ප්‍රතිපත්තියකට ගියා. එය සද්භාවයෙන් කළ ක්‍රියාවක් නොවන බවත් එය ඉදිරියේදී මතුවීමට තිබෙන ආර්ථික අර්බුදයට මුහුණදීමට මුදල් ඉතිරි කර ගැනීම සඳහා කළ වංචනික ප්‍රතිපත්ති මරු කිරීමක් බව අප කාටත් පැහැදිලි වෙනවා. මේ  තකතීරු ප්‍රතිපත්තියේ ප්‍රඵලයක් විදිහට අද රටට බත නැතිවී තිබෙනවා. එපමණක් ද නොව ඉදිරි කාලය තුළ විශාල ආහාර අර්බුදයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ආණ්ඩුව ගත් තකතීරු තීන්දුව සාධාරණීකරණය කර ගන්නට ලෝක ආහාර අර්බුදයක් ඇති වීමට නියමිතයි කියමින් විශාල බොරුවක් රට තුළ ගෙන යමින් ඉන්නවා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ගෝඨාභය මහින්ද වන් තකතීරු වන්ගේ මෝඩ තීන්දු තීරණ වල ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තිබෙන්නේ මෙන්න මේ වටපිටාව යටතේ අපි කැමති ඔබ සමග අද ගොවි ජනතාව පත් වී තිබෙන මුහුණ දී ඉන්න ඉරණම පිළිබඳව යම් කතාබහ. මේ කතාබහ වෙනුවෙන් අප සමඟ සම්බන්ධ වෙනවා ගොවිඅරගල   ව්‍යාපාරයේ  ජාතික සංවිධායක විමල් වත්තුහේවා සහෝදරයා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...