අපිට වේල් දෙකක් කන්න කියන ගමන් මැති ඇමතිවරු කරන ‘කැපකිරීම්’ මෙන්න

ජනතාව මේ මොහොතේ සිටින්නේ අද කෑවොත් හෙට කන්නේ කෙසේද යන ප්‍රශ්නයකයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රවයවල මිල දිනෙන් දින ඉහළ යමින් පවතියි.
ජනතාවට සිදුව ඇත්තේ තම බත්පතේ ඇති පෝෂ්‍යදායි දේවල් ඉවත් කර ජිවිතේ ගැටහග ගැනීම සඳහා පමණක් ආහාර ගැනීමටයි. හෙට දිනයේ එලෙසවත් ආහාර ලැබේවිද යන සැකය ජනතාව තුළ පවතියි. එසේ නමුත් මැති ඇමතිවරුන් තමන්ගේ වරප්‍රසාද බිඳකුදු අඩු කිරීමට සුදානම් බවක් නොපෙනේ.

ජනතාව කමින් නොව ලෙව කමින් සිටින මොහොතක් පාර්ලිමේන්තුවට තුළ අඩු කෙරෙන්නේ ආහාර වේලෙන් පසු ලබාදෙන අතුරුපස වර්ගයක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනකි.

පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

මේ අතර රට බේරා ගැනීමට යයි කියමින් පැමිණි රනිල් වික්‍රමසිංහ පවසන්නේ ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සූදානම් වෙන ලෙසයි.

ජනතාව ආහාර වේල් දෙකක් බුක්ති විදින්නට කියන රනිල්ලා පාර්ලිමේන්තුව තුළ සිටින මැති ඇමතිවරුන් අපේ සල්ලි කාබාසිනියා කරමින් පින් බත් කෙලීම නතර කළ යුතු බව කියන්නේ නැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...