ගෝල්ෆේස් අරගල භූමියේදී යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිහිකරයි

යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා අදට වසර 41ක් සපිරෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක් එක් කළ මෙම විනාශය සිදුකරනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර කණ්ඩායමක් විසිනි.

මිල මුදලින් මැනිය නොහැකි වටිනා දැනුම් සම්භාරයකින් සමන්විත වු මෙම පුස්තකාලය විනාශ කිරීම දෙමළ ජනතාවට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩත්වයේ සන්ධිස්ථානයක් ලෙස සැළකේ.

1981 මැයි 31 වැනි දින රාත්‍රියේදී මෙම ගිනි තැබීම සිදුකරන ලදී.

පුස්තකාලය විනාශ වන විට, එය පොත් සහ අත්පිටපත් 97,000කට අධික ප්‍රමාණයක් අඩංගු ආසියාවේ විශාලතම පුස්තකාලයක් ලෙස පැවතුණි.

අද දිනයේ ගෝල්ෆේස් අරගල භූමියේදී යාපනය පුස්තකාලය ගිනි තබා වසර 41ක් සැපිරීම සිහිපත් කරමින් පා ගමනක්ද පැවැත්වුණි.

පහත දැක්වෙන්නේ ප්‍රකට දමිළ කවියෙකු වූ නුහුමාන් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් ලියන ලද ප්‍රකට කවියේ සිංහල පරිවර්තනයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...