ගෝල්ෆේස් අරගල භූමියේදී යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිහිකරයි

යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා අදට වසර 41ක් සපිරෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක් එක් කළ මෙම විනාශය සිදුකරනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ මැර කණ්ඩායමක් විසිනි.

මිල මුදලින් මැනිය නොහැකි වටිනා දැනුම් සම්භාරයකින් සමන්විත වු මෙම පුස්තකාලය විනාශ කිරීම දෙමළ ජනතාවට එරෙහි වාර්ගික ප්‍රචණ්ඩත්වයේ සන්ධිස්ථානයක් ලෙස සැළකේ.

1981 මැයි 31 වැනි දින රාත්‍රියේදී මෙම ගිනි තැබීම සිදුකරන ලදී.

පුස්තකාලය විනාශ වන විට, එය පොත් සහ අත්පිටපත් 97,000කට අධික ප්‍රමාණයක් අඩංගු ආසියාවේ විශාලතම පුස්තකාලයක් ලෙස පැවතුණි.

අද දිනයේ ගෝල්ෆේස් අරගල භූමියේදී යාපනය පුස්තකාලය ගිනි තබා වසර 41ක් සැපිරීම සිහිපත් කරමින් පා ගමනක්ද පැවැත්වුණි.

පහත දැක්වෙන්නේ ප්‍රකට දමිළ කවියෙකු වූ නුහුමාන් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් ලියන ලද ප්‍රකට කවියේ සිංහල පරිවර්තනයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...