කොරියානු අරගලය

Date:

විසිදහසකින් ඇරඹි, මාස පහක් පුරා පැවති, කොරියානු ජනපතිනිය බලයෙන් පහකළ 2016 අරගලය! අපිට පුළුවන්!

2016 අවුරුද්දේ නොවැම්බර් පළවෙනිදා කොරියානු ජනාධිපතිනිය පාක් ජින් හියු ට එරෙහිව කොරියාවේ සියොල් නුවරට එකතු වූයේ විසිදහසක පමණ පිරිසකි.

පසුව එය ක්‍රමයෙන් වැඩි වූ අතර මාසයකට පසුව එනම් දෙසැම්බර් 03 වෙනිදා වාර්තාගත මිලියන 2.3ක පිරිසක් වීදිවලට බැස ජනාධිපතිනියට ගෙදර යන ලෙස බලපෑම් කළහ.

කොරියානු ජනපතිනියට එලෙස ගෙදර යාමට කැමැත්තක් නොතිබිණි. ඇය සිය සියළු උපක්‍රමයන් යෙදුවා ය. අවසානයේදී අගමැතිවරයාව ද බලයෙන් පහ කෙරුවා ය. කෙසේ වුවද විරෝධතාකරුවන් සිය උත්සාහය අත්හැරියේ නැත. දිනපතා ඔවුන් රැස්ව විරෝධතා පැවැත්වූහ. මේ අතර ජනාධිපතිනියට සහය දෙමින් ද මිලියනයක පමණ පිරිසක් රැස්වූ බව වාර්ථා වේ. (ලංකාවේ මෙන් විස්සක් තිහක් නම් නොවේ)
විරෝධතාවලට එකතු වී ඇත්තේ මුළු ජනගහනයෙන් සියයට තිහකටත් අඩු පිරිසකි.

කෙසේ වුවද ජනාධිපතිනිය ලේසියෙන් ගෙදර ගියේ නැත. ඇය විවිධ උපක්‍රම බාවිත කළා ය. කෙසේවුවද විශ්වවිද්‍යාල සහ උසස් පාසල්වල සිසුන් පාරට එන්නට පටන් ගත්හ. ඔවුහු නත්තල් සැමරුම් වීදිවල සැමරූහ. ( ලංකාවේ නම් කට්ටිය සැණකෙළි යැයි කියයි) ජනවාරි පළවෙනිදා නව වසර උදාවීම දැවැන්ත විරෝධතාවක් කළහ. මාස දෙකක කාලයක් පුරා ඔවුහු නොසැලී සිටියහ. ජනවාරි 21 වෙනිදා අධික සීතල හිම පවා නොතකා ඉටිපන්දම් රැගත් දකුණු කොරියානුවන් විරෝධතාවලට එක්වූහ. කොරියානු ජනාධිපතිවරියගේ දූෂිත පාලනයට එරෙහිව ඔවුහු නිර්භයව හඬනැගූහ. පාර්ලිමේන්තුව සෙලවිණි. මංත්‍රීවරු 300කගෙන් 234 ජනාධිපතිනියගේ නඩුව විභාග කළ යුතු බව සනාථ කළහ. මේ විරෝධතා නිසා මෙම දූෂණයන්ට සම්බන්ධ සැම්සුන්ග් සමාගමේ උප සභාපතිවරයා සිරගත කෙරිණි. අවසානයේ මැයි 10 වෙනිදා දූෂිත ජනාධිපතිනිය බලයෙන් පහ කෙරිණි. ජනබලය ප්‍රමාණවත් බව පැහැදිලි ය. පාර්ලිමේන්තුවට පීඩනය යොමුවිය යුතු ය.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...