රාජ්‍ය බැංකුවක් අස්ථාවර බවට කරන ලද ප්‍රකාශය අසත්‍යක් – බැංකු වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව සඳහන් පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ පිලිබඳ වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කිරීමක් කලයුතු බවටත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනාන්නායක විශේශ ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව ශ්‍රී ලංකා මහ බැංකුව ද පවසා තිබේ.

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී මෙරට රාජ්‍ය බැංකුවක් ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැ යි පවසා තිබුණි. පසුව වාර්තා වූ තොරතුරු හරහා පැතිර ගියේ එය මහජන බැංකුව බවයි.

කෙසේවෙතත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනාන්නායක පවසා ඇත්තේ මෙම පුවත සම්බන්ධයෙන් මහජන බැංකුවේ පාලන අධිකාරියෙන් විමසූ බවත් රුපියල්වලින් කරන දේශීය ගණුදෙනුවලට අදාළව මහජන බැංකුව කිසිදු ගැටලුවකට මුහුණ දී නැති බව වගකීමෙන් යුතුව පැවසිය හැකි බවයි.

විදේශීය මුදල් මගින් කරන ගනුදෙනුවලදී විවිධ අවස්ථාවල ගැටළු පැන නැගී ඇති නමුත් බැංකුව විසින් සිදුකර ඇති සියලු ගනුදෙනු සඳහා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ආවරණයක් පවතින බැවින් එම ගෙවීම් සිදුකිරීමේ ගැටලුවක් පැන නොනගින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...