රාජ්‍ය බැංකුවක් අස්ථාවර බවට කරන ලද ප්‍රකාශය අසත්‍යක් – බැංකු වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව සඳහන් පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ පිලිබඳ වහාම ආණ්ඩුව විසින් පැහැදිලි කිරීමක් කලයුතු බවටත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනාන්නායක විශේශ ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ස්ථාවර බව ශ්‍රී ලංකා මහ බැංකුව ද පවසා තිබේ.

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී මෙරට රාජ්‍ය බැංකුවක් ණය ගෙවීම් පැහැර හැරීමේ තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැ යි පවසා තිබුණි. පසුව වාර්තා වූ තොරතුරු හරහා පැතිර ගියේ එය මහජන බැංකුව බවයි.

කෙසේවෙතත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනාන්නායක පවසා ඇත්තේ මෙම පුවත සම්බන්ධයෙන් මහජන බැංකුවේ පාලන අධිකාරියෙන් විමසූ බවත් රුපියල්වලින් කරන දේශීය ගණුදෙනුවලට අදාළව මහජන බැංකුව කිසිදු ගැටලුවකට මුහුණ දී නැති බව වගකීමෙන් යුතුව පැවසිය හැකි බවයි.

විදේශීය මුදල් මගින් කරන ගනුදෙනුවලදී විවිධ අවස්ථාවල ගැටළු පැන නැගී ඇති නමුත් බැංකුව විසින් සිදුකර ඇති සියලු ගනුදෙනු සඳහා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ ආවරණයක් පවතින බැවින් එම ගෙවීම් සිදුකිරීමේ ගැටලුවක් පැන නොනගින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...