ගම්මන්පිල ඉන්ධන නැව බාර ගන්න යෑමෙන් පෙන්නුම් කරන්නේ රට පත්ව ඇති කුජිත භාවයයි.

Date:

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබා දෙන්නට එකඟතාවය පළ කර තිබෙනවා.ආණ්ඩුව පහුගිය දිනවල ප්‍රකාශ කර සිටියේ බැසිල් රාජපක්ෂ ගේ ඉන්දීය සංචාරය ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල් ලැබුණු බවයි. කෙසේ වෙතත් එම ණය මුදල ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඉන්දියාව විසින් අද ඩීසල් මෙට්‍රික් ටොන් 40 000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට එවා තිබෙන බව මාධ්‍ය අනාවරණය කලා . ඉන්දියාව විසින් එවා ඇති මෙම ඩීසල් තොගේ බාර ගැනීම සඳහා බලශක්ති ඇමති උදය ගම්මන්පිල එහි යෑම විශේෂත්වයක් වෙනවා.

ඉන්දියාවෙන් මෙරටට එවනු ලැබූ ඩීසල් මෙට්‍රික් ටොන් 40000 බාර ගැනීමෙන් අනතුරුව උදේ ගම්මන්පිල ඉතා උජාරුවෙන් මාධ්‍ය ඉදිරියේ පුරාජේරු කියවන්නට පටන් ගැනීම ඔහුට ලැජ්ජා උපදවන්නේ නැති උනත් රට වැසියන් හැටියට අපි ලැජ්ජා සහගත විය යුතුය.

ගම්මන්පිල වචනයෙන්ම කියනවා නම් අපට දැන් ඇති තරම් ඉන්ධන තියෙනවා සල්ලි ගෙවන ඕනෑම කෙනෙකුට ඉන්ධන ලබා දෙන්න අපි සූදානම්. මොන තරම් ආසාවකින් ඔහු ඒ බව ප්‍රකාශ කරන්නේ ද යත් විදුලිය ද, ගුවන් යානාද, බෝට්ටු ද, නැව් ද, කිසි වෙනසකින් තොරව ඉන්ධන සපයන්නට අපට හැකියාව තිබෙන බව මේ අද බාලයා කියන විට මගේ මතකයට නැගුණේ පසුගිය වැසි සමය තුළ තෙල් පිරිපහදුව වසා දමන්නට ගත් තීරණයට එරෙහිව ගොඩනැඟුණු විරෝධයට ප්‍රතිචාර වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ වැව් පිරෙන්න වතුර තියෙනවා තව මාස ගානක් යනකම් විදුලිබලයේ ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැහැ කියලයි. නමුත් එහෙම කියලා මාසයක් යන්නට මත්තෙන් විදුලි කප්පාදුව සිදු කරන්න සිද්ධ වෙනවා. එසේ ආරම්භ වූ විදුලි අර්බුදය තවමත් සමනය කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ඉන්දියාවෙන් එවා ඇති ඩීසල් නැව බාර අරගෙන රටේ ජනතාවට අවබෝධ කර දෙන්න උත්සාහ දරන්නේ ඉන්දියාවෙන් නොමිලේ සහනාධාර ලෙස ලංකාවට තෙල් ලබා දුන්නා වැනි හැඟීමකි.

රටක එදිනෙදා පරිභෝජනයට ඉන්ධන ගෙනැවිත් ගොඩබෑම සාමාන්‍ය සිදුවීමක් වුවද අද ලංකාව පත්වී තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රමාණය කොතෙක්ද යන්න තෙල් නැවක් භාරගැනීමට ඇමැතිවරයා පැමිණීමෙන් ම ප්‍රකාශයට පත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...