එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී ජනාධිපති බොරු කියයි

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය .

ජනාධිපතිවරයා ලෝක නායකයන් ඉදිරියේ පට්ටපල් බොරු පවසා තිබේ. ලංකාව තුළ පලිබෝධනාශක සහ වල්නාශක ආනයනට අවසර ලබාදී ඇති අතර
පෞද්ගලික සමාගම් හරහා එය සිදුකෙරෙනු ඇත.

ඊටත් අමතරව ලංකාවේ ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම තහනම් කරනු ලැබුවේ පරිසරය ගැන සළකා නොවේ. එයට බලපෑ ප්‍රධාන හේතුව වූවේ පොහොර මිලදී ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීමයි. එසේම මේවනවිට කාබනික පොහොර ලේබලය ගසා මෙරටට ගෙවමින් සිටින්නේ රසායනික පොහොරවලටත් වඩා පරිසරයට සහ මිනිසාට විස සහිත පොහොරයි. ආණ්ඩුවම ආණ්ඩුවටම එම පොහොර රසායනික ද කාබනික ද යන්න තීරණය කර ගැනීමට නොහැකිව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...