එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී ජනාධිපති බොරු කියයි

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය .

ජනාධිපතිවරයා ලෝක නායකයන් ඉදිරියේ පට්ටපල් බොරු පවසා තිබේ. ලංකාව තුළ පලිබෝධනාශක සහ වල්නාශක ආනයනට අවසර ලබාදී ඇති අතර
පෞද්ගලික සමාගම් හරහා එය සිදුකෙරෙනු ඇත.

ඊටත් අමතරව ලංකාවේ ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම තහනම් කරනු ලැබුවේ පරිසරය ගැන සළකා නොවේ. එයට බලපෑ ප්‍රධාන හේතුව වූවේ පොහොර මිලදී ගැනීමට ඩොලර් ප්‍රමාණවත් නොවීමයි. එසේම මේවනවිට කාබනික පොහොර ලේබලය ගසා මෙරටට ගෙවමින් සිටින්නේ රසායනික පොහොරවලටත් වඩා පරිසරයට සහ මිනිසාට විස සහිත පොහොරයි. ආණ්ඩුවම ආණ්ඩුවටම එම පොහොර රසායනික ද කාබනික ද යන්න තීරණය කර ගැනීමට නොහැකිව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...