ආහාර මිල වැඩි වෙද්දී ආණ්ඩුවෙන් ‘පාන් නැතිනම් කේක් කාපල්ලා’ උත්තර

කිරිපිටි මිල ඉහළයෑම සහ වෙලඳපොළේ කිරිපිටි හිඟය හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙය ආණ්ඩුව විසින් කිරිපිටි මිල ඉහළ දමන සෑම අවස්ථාවකදීම ජනතාවගෙන් ඉල්ලා සිටින දෙයකි. ඊට අමතරව රසායනික පොහොර ගෙන්වීමට මුදල් නැතිවන විට පමණක් කාබනික පොහොරවල ගුණ වැයීම, සීනි මිල ඉහළ යනවිට සීනිවලින් ශරීරයට ඇති අගුණ කීම, පාන්පිටිවල මිල වැඩිකරන විට පිටි නොවන ආහාර ගතයුතු බවට උපදෙස් දීම වැනි සංදර්ශන සෑම මේ දිනවල නිතර දක්නට ලැබේ.

නමුත් ජනතාව එම අවශ්‍යතා සඳහා ඇති විකල්පය මොකක්ද යන්න ආණ්ඩුව පවසන්නේ නැත. උදාහරණයකට මිල්කෝ සමාගම අපේ රටේ කිරි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවයෙන් සපුරන්නේ ඉතා සීමිත කොටසකි. ඒ අතරින් දියර කිරි නිෂ්පාදනය ඉතා අඩු මට්ටමක පවතියි. පොදුවේ අනෙකුත් සමාගම් ගත්තද දියර කිරි නිෂ්පාදනයේ යෙදෙන්නේ අඩු වශයෙනි. මේ අනුව දියර කිරි නිෂ්පාදන මිල අධික වේ. ඒවා සාමාන්‍ය පවුලකට දැරිය හැකි මිලකට ලබාගත නොහැක. උදාහරණයකට හයිලන්ඩ් දියර කිරි මිලි ලීටර් 450ක කුඩා පැකට්ටුවක මිල රු 75කි. එය හතරදෙනෙකුගෙන් යුතු පවුලකට දිනකට ප්‍රමාණවත් නොවේ.

පෝෂණය ගැන නොසලකුවද ජනතාවට සෑම අතින්ම ලාභදායක වන්නේ කිරි පිටි මිලදී ගැනීමයි. මේ අතර, හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් පමණ වැඩි කිරීමට මිල්කෝ සමාගම පසුගියදා තීරණය ලැබිණි. දියර කිරි වෙත ජනතාව යොමුකිරීමට අවශ්‍යනම් ආණ්ඩුව කළ යුත්තේ දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් සුලබ කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සැකසීමයි. එසේ නොමැතිව පාන් නැතිනම් කේක් කාපල්ලා පන්නයේ කිරිපිටි බැරිනම් දියර කිරි බීපල්ලා වැනි මෝඩ ඉල්ලීම්වලින් වැඩක් නැත.

Share post:

Popular

More like this
Related

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...

“ඒ හඳ මෙතැන” – මම අනුරුද්ධ, කවි පොතක් එළි දක්වන්න තීරණය කළා

මම කවි පොතක් එළි දක්වන්න තීරණය කළා. ඒ පොතේ...

22 ට එරෙහි ජනමත විචාරණ ‘ගුණ්ඩුව’

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්...