ගොවි ජනතාව වෙනුවෙන් රොෂාන් රණසිංහගේ ‘අමුතු’ කරුණාව

Date:

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව පළාත් පාළන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද කීය.

“ වීවලට රුපියල් 65ක පමණ මිලක් ඕන කියලා ගොවීන් කියන කතාව සම්බන්ධයෙන් මම දිගින් දිගටම කතා කරන්න කැමති නෑ. මොකද මේ වී මෝල් මාෆියාව විසින් ගොවි ජනතාව දිගින් දිගටම මිනිස් පලිහක් විදිහට යොදා ගනිමින් කටයුතු කරනවා. මේක සම්බන්ධයෙන් කතා කරාම සමහර අය පෞද්ගලිකව මති මතාන්තර ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා මම දිගින් දිගටම කතා කරන්න කැමති නෑ මේ ගැන.

මම මේක කලින් හදලා පෙන්නුවේ කීරි සම්බා නම් රුපියල් 90 ට ගත්තොත් රුපියල් 90 වැඩි කිරීම 1.7 එතකොට කුඩු ටිකෙන් සුණු සහල් ටිකෙන් තවත් රුපියල් 10ක් එනවා. එතකොට සහල් විකිනීමට හැකියාව තියෙනවා රුපියල් 160 ට. හැබැයි ගියේ 230 ට. ඒවගේම නාඩු කිලෝවට ගත්තාම රුපියල් 100ක් විතර තමයි නිෂ්පාදන වියදම සියල්ල ගණනය කරාම ලැබෙන්නේ. රුපියල් 60 ට ගත්තත්.අපි කියන්නේ ගොවියට ඉහළම මිලක් දෙන්න කියලා. හැබැයි ඒ කිලෝ එක රුපියල් 130 ට යනකොට පාරිභෝගිකය දැඩි අසීරුතාවකට මුහුණ දෙනවා.

මම ගොවි ජනතාව නියෝජනය කරන ගොවි පුතෙක් විදිහට මගේ සීයා 1948 පොලොන්නරුවට ආවේ පොලොන්නරුවේ සංවර්ධනයේ මුල් යුගයේ. දෙවන ලෝක යුද්ධයට එරෙහිව සටන් කරපු නායකයෙක් විදිහට. ඒ නිසා ගොවි දෙමව්පියන්ගේ කැක්කුම හොදට තියෙනවා. ඒ නිසා ගොවියාට ඉහළම මිලක් ලැබිය යුතුයි. පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලැබෙන්න ඕන. මේ වී මෝල් හිමිකරුවෝ කරන ගසාකෑම නතර වෙන්න ඕන. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මේ දිනවල දිගින් දිගටම මෝල් මාෆියාව ගැන විවිධ මාධ්‍ය හරහා කතා කරනු දක්නට ලැබේ.

පසුගියදා රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබුණි.

තරුණ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කටයුතු සොයා බැලීමට පැමිණි අවස්ථාවේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිවිය.

වී මොල් හිමියන් වී කිලෝව රුපියල් 60 ට මිලදී ගෙන සහල්වලින් අධික ලාභයක් ලබන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී පැවැසූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඊට එරෙහිව අදහස් දැක්වීම නිසා මෙම වචන හුවමාරුව ඇතිවිය.

එකම ආණ්ඩුව නියෝජනය කරන මෙම ඇමතිවරුන් අතර ඇති විරසකය ගොවියා ගැන ඇති කැක්කුමකින් ඇතිවූවක් නොවේ. සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යනු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නිසා දෙදෙනා අතර විශාල බල තරඟයක් පවතියි. තම අස්වන්න සඳහා සාධාරණ මිලක් නොමැති නිසා කෝපයට පත්ව සිටින ගොවි ජනතාවගේ රැවටීමේ අරමුණින් මෙවැනි සංදර්ශන දක්වන බව පැහැදිලිය.

Share post:

Popular

More like this
Related

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...