අනුරාධපුරයේ දෙමළ දේශපාලන සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලයි

අනුරාධපුර දෙමළ දේශපාලන සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය.

බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි දේශපාලන සිරකරුවන් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබුණි.

පැමිණි මුල් අවස්ථාවේදී එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට එම මන්ත්‍රීවරුන් හට අවසර නොලැබුණු අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගියහ.ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරින් කළ දැනුම් දීමක් අනුව නැවත පැමිණි මන්ත්‍රීවරුන් හට රැඳවියන්ගේ සුව දුක් විමසීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි.

සිරකරුවන් බැහැ දැකීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවසුවේ,

“පසුගියදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ තර්ජනයට ලක්වූ LTTE රැඳවියන් දෙදෙනෙකු හමුවන්න අවස්ථාවක් ලබා දුන්නා. ඉන් එක් රැඳවියෙක් සුලක්ෂන් අනිත් කෙනා තමයි වේලන්.

ඒ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන කොට අපිට කිව්වා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසලා ප්‍රකාශ සටහන් කරගත් බව. ඊට අමතරව එම රැඳවියන් අපෙන් ඉල්ලා සිටියේ ඉක්මනින්ම ඒ අයව උතුරේ හෝ නැගෙනහිර බන්ධනාගාරයකට මාරු කරලා කරලා ඒ අයගේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලයි.

ඇමති නාමල් ද බන්ධනාගාරයට

මේ අතර ඊයේ දින මෙම සිදුවීම සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණ ඇත.

ඔහු කියා සිටින්නේ අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බවත් එම පරික්ෂණය අවසන් වනතුරු රාජ්‍ය අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත්ය.

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...