අඩු ආදායම් ලාභීන් හඳුනාගන්න රජය බාර්වලට පැමිණෙන පුද්ගලයන් පරික්ෂා කළ යුතුයි – සෙන්දිල් තොන්ඩමන්

කොවිඩ් වසංගත සමයේදී සහන ලැබිය යුතු අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, ඌව පළාත් සභා හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් රජයට නව ක්‍රමයක් යෝජනා කර තිබේ.

මත්පැන් මිලදී ගැනීමට මත්පැන් අලෙවිසල් (බාර්) වලට පැමිණෙන පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සටහන් කර ගැනීම එම ක්‍රමවේදය බවත් එමඟින් නියම අඩු ආදායම්ලාභීන් කවුරුන්දැයි පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇති බවත් සෙන්දිල් තොණ්ඩමන් පවසා ඇත.

කෑම බීම පවා සොයා ගැනීමට අසීරු ආර්ථික වටපිටාවක් පවතින අවස්ථාවක කෙනෙකු මත්පැන් මිලදී ගන්නේ නම් ඔහු අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු ලෙස සැලකිය නොහැකි බවද ඔහු සඳහන් කරයි.

මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් බෝතල් හතර පහ ගන්නා පුද්ගලයන් අඩු ආදායම්ලාභීන් ලෙස සැලකිය නොහැකි බවත් එවැනි පුද්ගලයන්ද අද රජයේ විවිධ සහනාධාර ලබා ගන්නා බවත් තොණ්ඩමන් පවසා තිබේ.

මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් නියම අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුනට සහන සැලසීමට හැකිවන බවද සෙන්දිල් තොණ්ඩමන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පවතින ආර්ථික තත්වය හමුවේ රජය ජනතාවට සහනාධාර ලබා දෙන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ බව පැවසූ තොණ්ඩමන් මහතා එම සහනාධාර නියම සහනාධාර ලැබිය යුතු පුද්ගලයන්ට නොලැබුණහොත් එය බරපතළ ගැටලුවක් මෙන්ම අසාධාරණයක් වන බවද ප්‍රකාශ කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...