Breaking News

සියලුම ජනතාව මුඛ ආවරණ පළඳිනවාද නැද්ද සෙවීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස්

සෑම පුද්ගලයෙක්ම නිසිආකාරව මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එසේ කටයුතු නොකරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතු බවත් මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හට උපදෙස් ලබා දී ඇති බවත් පවසන පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ කාර්යාලයක සේවය කරන පුද්ගලයන්ද එක්රැස්වීමකින් තොරව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන හෙට (16) දින නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

leave a reply