සියලුම ජනතාව මුඛ ආවරණ පළඳිනවාද නැද්ද සෙවීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස්

සෑම පුද්ගලයෙක්ම නිසිආකාරව මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එසේ කටයුතු නොකරන්නේ නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකියාවක් ඇති බව ඔහු පෙන්වා දී තිබේ.

සෑම පුද්ගලයෙක්ම පොදු ස්ථානයකදී මුහුණු ආවරණයක් පැළදිය යුතු බවත් මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි සොයා බලන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හට උපදෙස් ලබා දී ඇති බවත් පවසන පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ කාර්යාලයක සේවය කරන පුද්ගලයන්ද එක්රැස්වීමකින් තොරව කටයුතු කළ යුතු බවයි.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන හෙට (16) දින නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබේ.

ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...