හෙට දියවන්නා රිංගන්නේත් ඇට තැලිච්ච වස්සෙක්, සරු ඵල නැහැ

“ස”ගේ ආණ්ඩුවේ පොලිසිය අද මරු වැඩක් කලා. නිරෝධායන නීති උල්ලංඝනය කළා කියලා උද්ඝෝෂණය කළ පිරිසක් අත්අඩංගුවට ගත්තා.  මේ අය පෙනී හිටියේ සහෝදර කම්කරු ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්. කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න  වෘත්තීය සමිති නායකයින්ට බැරි උනාට “ස” ට   නිදහස තියෙනවා මිනීමරුවන් නිදහස් කරන්න . ඒකත් නීතියට යටින්. “ස”  මාර පොරක්. “ස”  ජනාදිපතිවරනයට ඉදිරිපත් වෙද්දී රට වටේ ගිහින් අඬබෙර ගැහුවෙ මේ තමයි හොඳම එකා කියලා . බලන් යද්දි  අපිට බොරු කියල පෙන්නල තියෙන්නෙ හොඳම එකා  කියලා  ගෙදර හිටපු පුස් වස්සෙක්. එහෙම කියන්නේ ඇයි කියලා ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා නම් උත්තරේ හෙට හම්බෙනවා.

“ස” සෑහෙන්න දැන් වැඩේ අනාගෙන තියෙන්නේ රටේ හැම තැනම මිනිස්සු පාරට බහිනවා. උද්ඝෝෂණය කරනවා.  “ස” ට  කරගන්න දෙයක් නෑ දැන් . හොඳටම කෙරුව කියන්නද, එහෙමත් බෑනේ. ඇස් පනාපිට පේන්න තියෙනවා හොඳටම අනාගත්තු එක.  ඒ හින්දා තමයි “ස” ට  සිද්ධවෙන්නේ  වසංගත නීතිරීති කොරෝනා මර්ධන නීති බවට පත් කරන්න.  උද්ඝෝෂණය කරන්න බැහැ, මොකද කොරෝනා තියෙනවා. ඒ හින්දා අත්අඩංගුවට ගන්නවා.

ලංකාවේ නීතිය කියන්නේ බල්ලගේ නැට්ට වගේ. බලන්ට ඕන නැති උනත් නැට්ට වැනෙනවා. ඒ හින්දා තමයි උසාවියෙන් නිදහස් කරපු උද්ඝෝෂකයන් ව  බලහත්කාරයෙන් පොලිසිය කුදලාගෙන යන්නේ නිරෝධායන සඳහා. අද දින උද්ඝෝෂණය කරයි කියලා අවස්ථා ගණනාවකදීම කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඔය යන විදිහට ගියොත් තව අනා ගන්නවා මිසක් කටේ දාගන්න නං හම්බෙන්නෑ.

 පසුගිය වසරේ ප්‍රංශයේ ජනතාව පාරට බැස්සේ කොරෝනා වසංගතය උත්සන්න වෙලා තියෙන මොහොතක. ඒ ආණ්ඩුවක් කොරෝනා වසංගතය ඇතුලේ වසංගත නීති රීති යටතේ ඒ උද්ඝෝෂකයන් මර්දනය කරන්න පෙළඹුණා. හැබැයි ජනතාව ඊට වැඩිය ශක්තිමත්ව ඒ මර්දනයට එරෙහිව නැගී සිටියා. එහෙම වුණේ බෙදිලා නෙවෙයි එකතුවෙලා. හැබැයි අපිට තාම එක කරගන්න බෑ, අපි ඉන්නේ බෙදිලා.  එනිසා උන්ට පුළුවන්  උද්ඝෝෂණය කළ අයව උස්සන් යන්න.  එහෙම උනයි කියලා රටේ ජනතාවට  මේ  නීති විරෝධී ක්‍රියාව දැනිලා නැහැ.  දැනුන නම් මේ වෙද්දි රටේ මිනිස්සු පාරේ  ඉන්න  තිබ්බා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ තව කල් යනවා.

මිනිස්සු බලාගෙන ඉන්නේ හෙට එළි වෙනකන් .  එලියට දාපු පුස් වස්සා වෙනුවට  හෙට පාර්ලිමේන්තුවට එන  සරු ඵල දෙන  වස්සාගේ ප්‍රථම උම්බෑ හඬ අහගන්න. දැකගන්න. පසුගිය කාලයේ ඔය වස්තු හැමෝම එක ගොඩේ හිටපු නිසයි  අපි දන්නවා හෙට නං ගන්නෙත් පරණ හඬ ම තමයි කියලා.

මොන සෙල්ලම් දැම්මත් “ස” ට  බැරි වෙනවා රටේ ජනතාව නවත්තන්න. බොරු නෙමෙයි මේ කියන්නෙ. තව ටික දවසයි බලන්න රටේ ජනතාව පාරට බැහැලා “ස” ට  ගෙදර යන්න කියන හැටි. සංදර්ශන හමාර වෙන හැටි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...